Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා 3වන එක් දින තරගය : ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ලංකාවට ලකුණු 71 ක පරාජයක්.

 Sri Lanka tour of South Africa
Source: AFP

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව අතර තරග 5 කින් සමන්විත එක් දින තරගාවලියේ ඊයේ (10/03) පැවති තුන්වන එක් දින තරගයෙන් ඩක්වත් ලුවිස් ක්‍රමයට අනුව ලකුණු 71 ක ජයක් අත් කරගැනීමට දකුණු අප්‍රිකාව සමත් විය.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට දකුණු අප්‍රිකානු පිළට ආරාධනා කළේය.

දකුණු අප්‍රිකාව සිය නියමිත පන්දු වාර 50 අවසානයේ කඩුලු 5 කට ලකුණු 331 ක් ලබාගත්තේය.

එහිදී දකුණු අප්‍රිකාවේ ආරම්භක පිතිකරු සහ කඩුලු රකින ක්‍රීඩක Quinton de Kock අගනා ලකුණු 121 ක් ලබා ගනිමින් දකුණු අප්‍රිකාව ප්‍රබල ස්ථාවරයකට ගෙන එන්නට මග පෑදීය.

පිළිතුරු ඉනිම ඇරැඹු ශ්‍රී ලංකාව වර්ෂාව නිසා තරගය නතර කරන විට පන්දුවාර  16 කදී කඩුලු 2 කට ලකුණු 75 ක් ලබා සිටියේය.

තරගය නැවත ආරම්භ වීමෙන් පසු, ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව, ශ්‍රී ලංකා පිලේ ඉලක්කය පන්දුවාර  24 කදී 193 ක් ලෙස වෙනස් කළ නමුත් පන්දුවාර  24 කදී ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු 5 ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 121 ක් පමණි.

මේ අනුව දකුණු අප්‍රිකාව ලකුණු 71 ක ජයක් හිමිවූ අතර ඔවුන් මේ වන විට පැවති එක් දින තරග 3 ම ජයගෙන 3-0 ක් ලෙස තරගාවලියම ජයගන්නටද ඊයේ සමත් විය.

දෙරට අතර පැවැත්වෙන සිව්වන එක් දින තරගය මාර්තු 13 වන දින පැවැත්වීමට නියමිතය.


2 min read

Published

Updated

By Madhura Seneviratne


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now