SKIP TO MAIN CONTENT

නිදහස් කුසලාන ක්‍රිකට් සටන : 98 පරාජයේ වාඩුව 2018 ගන්නට චන්දිමාල්ට හැකිවේද?

Nidahas Trophy 2018
Source: Daily News

2 min read

Published

By Madhura Seneviratne


Skip to article content

ශ්‍රී  ලංකාවේ 70 වැනි නිදහස් සැමරුමට සමගාමීව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන නිදහස් කුසලාන තුන්කොන් 20-20 ක්‍රිකට් තරගාවලිය අද (06/03) කොළඹ ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ.

ශ්‍රි ලංකාව සමග ඉන්දියාව සහ බංග්ලාදේශය සහභාගි වන මෙම ක්‍රිකට් තරගාවලියේ සියලුම තරග ආර්.ප්‍රේමදාස පිටියේදී රාත්‍රි තරග ලෙස පැවැත්වෙන අතර සෑම තරගයක්ම ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7.00ට ආරම්භ කිරීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ නිදහස් සැමරුම උදෙසා ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියක් පැවැත්වෙන දෙවැනි අවස්ථාව මෙය වේ.

මීට වසර 20කට පෙර ශ්‍රී ලංකාවේ 50 වැනි නිදහස් සමරුව නිමිත්තෙන් පළමු වරට නිදහස් කුසලාන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියක් 1998 දී පැවැත්වූ අතර ඒ සඳහා ශ්‍රී ලංකාව සමග ඉන්දියාව සහ නවසීලන්තය තරග වැදුණි.

එහි අවසන් මහා තරගයෙන් අර්ජුන රණතුංගගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා පිලට එරෙහිව ලකුණු 6ක ජයක් වාර්තා කරමින් මොහොමඩ් අසාරුදීන්ගේ නායකත්වය යටතේ ඉන්දීය පිල කුසලානය දිනාගත්තේය.

මේ අවස්ථා 2දීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ලෙස තිලංග සුමතිපාල මහතා කටයුතු කිරීමද කැපී පෙනෙන සිදුවීමකි.

කෙසේවෙතත්, මෙවර 20-20 තුන්කොන්  ක්‍රිකට් තරගාවලියට සහභාගී  වන කණ්ඩායම් ත්‍රිත්වයම එක්වී සිටින්නේ නිත්‍ය නායකයන් නොමැතිවය.

ශ්‍රී ලංකා 20-20 පිලේ නිත්‍ය නායක ඇන්ජෙලෝ මැතිව්ස් සහ බංග්ලාදේශ පිලේ නායක ශකීබ් අල් හසන් ආබාධ හේතුවෙන් තරගාවලියට ක්‍රීඩා නොකරන අතර ඉන්දිය පිලේ නායක විරාත් කෝලි විවේකගැනීම නිසා තරගාවලියට සහභාගි නොවේ.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගයකින් අද දිනයේ මෙම තරගාවලිය ආරම්භ වන අතර තරගාවලියේ සෙසු තරග කාලසටහන පහත පරිදි වේ.

Nidahas Trophy 2018
Source: SBS Sinhala

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now