SKIP TO MAIN CONTENT

අන්තවාදී අදහස් ප්‍රචාරයන නිසා Peace TV නාලිකාව ලංකාවේ satellite TV වලින් ඉවතට

President of IRF Zakir Naik in Istanbul
Source: Salih Zeki Fazlioglu/Anadolu Agency/Getty Images

2 min read

Published

Updated

By Gamidu Agampodi


Skip to article content

මේ වන විට ශ්‍රී ලංකාවේ විශාලතම satellite TV ක්‍රියාකාරී ආයතන ද්විත්වය වන Dialog හා SLT ආයතන විසින් සකිර් නයික් නැමැති මතභේදාත්මක ඉස්ලාමීය දේශකයාගේ Peace TV රූපවාහිනියේ විකාශන කටයුතු නවතා දමා ඇත.

කෙසේවුවද ශ්‍රී ලංකා රජය විසින් ඔහුගේ නාලිකාවෙහි විකාශන කටයුතු මෙතෙක් තහනම් කර නැති අතර මීට පෙර අවස්ථාවන් හීදී ඉන්දියාව සහ බංග්ලාදේශය යන රටවල් විසින් මෙම නාලිකාවෙහි විකාශන කටයුතු තහනම් කර ඇති බව වාර්තා වෙයි.

බංග්ලාදේශය විසින් සකිර් නයික් ගේ රූපවාහිනි නාලිකාවෙහි විකාශන කටයුතු තහනම් කරීමට හේතූ වී තිබෙනුයේ Dhaka නුවර පිහිටි ආපනශාලාවකට සිදු කල ත්‍රස්ත ප්‍රහාරයෙහි සටන් කරුවන් සකිර් නයික් ගේ අනුගාමිකයන් බව මාධ්‍ය ආයතන හෙලි කිරීමයි.

ත්‍රස්තවාදී ප්‍රචාරක කටයුතු වල යෙදීම යන චෝදනා මත මොහුව අතඩංගුවට ගැනීමටද ඉන්දියාවේ ජාතික විමර්ශන ආයතනයට අවශ්‍යය වී තිබේ. මොහුගේ Islamic Research Foundation නම් සංවිධානය වසර 5ක කාලයක සිට ඉන්දියාවේ තහනම්ය.

මීට අමතරව පසුගිය සඳුදා (29) ඉන්දියාවේ ජාතික විමර්ශන ආයතනය විසින් රියාස් අබූබක්කර් නම් පුද්ගලයාව අත්අඩංගුවට ගෙන ඇත. මොහු අබු ඩුජානා යන නාමයෙන් ද හඳුන්වයි. රියාස් කේරළ ප්‍රාන්තායේදී මරාගෙන මැරෙන ප්‍රහාරයක් දියත් කීරීමට සූදානම් වූ බව ද මේවනවිට පිළිගෙන තිබෙයි. එසේම සකීර් නයික්ගේ හා ලංකා පාස්කු ප්‍රහාරයේ මොළකරුවන සහරාන් හෂීම්ගේ දේශන වලට තමන් වසරක පමන කාලයක සිට සවන් දුන් බව ඔහු පිළිගෙන ඇති බව වාර්තාවෙයි.

 


 

SBS සිංහල ගුවන් විදුලි වැඩසටහන 

සඳුදාඅඟහරුවාදාබ්‍රහස්පතින්දාසිකුරාදා  පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

 

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese 

 


 

 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now