SKIP TO MAIN CONTENT

හිඟ වැටුප් සහ නොගෙවූ superannuation ලබා ගැනීම සඳහා ඔස්ට්‍රේලියානු සේවකයින්ට නව නීතිමය මාවතක්.

unpaid wage and superannuation
Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

තමන්ගේ හිඟ වැටුප් සහ නොගෙවූ superannuation මුදල් ලබා ගැනීමට නව නීතිමය මාවතක් ඔස්ට්‍රේලියානු සේවකයින්ට ලබා දීමට වෘත්තීය සමිති යෝජනා කරයි.

හිඟ වැටුප් සහ නොගෙවූ superannuation මුදල් පිළිබඳ දැනට පවතින කම්කරු නීති වලට සංශෝධන එක් කරමින් ගෙන ඒමට අපේක්ෂිත මෙම නව නීති හරහා තමන්ගේ හිඟ වැටුප් සහ නොගෙවූ superannuation මුදල් ලබා ගැනීමට සේවකයින්ට සෘජුවම මධ්‍යම අධිකරණයට යාමට ඉඩ සැලසෙනු ඇත.

මේ පිළිබඳ සවිස්තරාත්මක අනාවරණයක් අද (04/10) පස්වරුවේ සිදු කිරීමට Australian Council of Trade Unions හි ලේකම් Sally McManus සූදානම් වෙයි.

අවම වැටුප වෙනුවට ඔස්ට්‍රේලියාවේ අවම වැටුප් ලබන සේවකයින්ගේ වැටුප කර්මාන්ත හා ප්‍රජාවේ ප්‍රමිතීන් සමග සමාන මට්ටමකට ගෙන ආ යුතු බවට ඇය තර්ක කරයි.

එමෙන්ම ඔස්ට්‍රේලියාවේ මේ වන විට දක්නට ලැබෙන කාන්තා - පිරිමි වැටුප් විෂමතාව අවම කිරීමටද Australian Council of Trade Unions සංවිධානය පියවර ගනිමින් සිටින බවට තොරතුරු හෙළිවී තිබේ.

 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now