SKIP TO MAIN CONTENT

ශ්‍රී ලංකා - ඕස්ට්‍රේලියා T 20 තරඟාවලියේ තවත් තරඟයක් ඉතිරිව තිබියදීම තරඟාවලි ජයග්‍රහණය සනිටුහන් කිරීමට ඔසී පිල සමත්වෙයි.

Australian T20 Cricket team
Australian T20 Cricket team

1 min read

Published

By Dinesha Dilrukshi Wijesuriya


Skip to article content

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව බ්‍රිස්බේන්හි ගැබා ක්‍රීඩාංගණයේදී ඊයේ පැවැති දෙවැනි 20 යි 20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් කඩුලු 9 ක පහසු ජයක් අත්කර ගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත් විය. ඒ අනුව තවත් තරගයක් ඉතිරිව තිබියදීම දෙරට අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත විස්සයි20 තරගාවලිය 2-0 ක් ලෙස ජය ගැනීමට ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයෝ සමත්වූහ.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට ඕවර 19 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 117 ක් පමණි. ඇඩම් සම්පා, බිලී ස්ටැන්ලේක්, ඇෂ්ටන් ආගර් සහ පැට් කමින්ස් කඩුලු 2 බැගින් දවාගනිමින් ශ්‍රී ලංකා ඉනිම නිමා කිරීම කඩිනම් කළහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 118 ක පහසු ඉලක්කයක් හඹාගිය ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඕවර 13 අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී එම ඉලක්කය සපුරා ගැනීමට සමත්විය. ශතකයක් ලබාගනිමින් පළමු තරගයේ වීරයා බවට පත් වූ ඬේවිඞ් වෝනර්, මෙම තරගයේදීද දක්ෂ පිතිහරඹයක නිරත වෙමින් පන්දු 41 කදී හතරේ පහර 9 ක් සමග නොදැවී ලකුණු 60 ක් රැස්කළේය.

මුලු ලකුණු සංඛ්‍යාව 1 ක්ව තිබියදී ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස නායක ඒරන් ෆින්ච් පිටියෙන් ඉවත් කිරීමට ලසිත් මාලිංග සමත් විය. එහෙත් එතැන් පටන් ස්ටීවන් ස්මිත් සමග එක්වූ වෝනර්, දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 75 කදී ලකුණු 117 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනගමින් ඕස්ට්‍රේලියානු කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියහ.

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර තුන්වන සහ අවසාන 20 යි 20 ක්‍රිකට් තරඟය නොවැම්බර් 01 දා මෙල්බර්න් ක්‍රිකට් පිටියේදී මෙරට වේලාවෙන් රාත්‍රී 7.10 ට ආරම්භවීමට නියමිතයි.

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now