ඕස්ට්‍රේලියාවේ ඩොලර් 10000 ට වඩා cash ලෙස මුදල් ගනුදෙනු කලොත් ඔබත් නීතියේ රැහැනට හසු විය හැකියි .. ඕස්ට්‍රේලියානු රජය නව නීති ගෙන ඒමට සැරසේ ..

sc

Source: AAP

ඉතා ඉහල මුදලක් නෝට්ටු වලින් ගෙවීම් සිදුකරන පුද්ගලයන් අපරාධකරුවන් ලෙස සලකා බැලිමට නව නීති යෝජනා වී තිබේ. මේ අනුව ඩොලර් 10000කට වඩා වැඩි මුදලක් නෝට්ටු වශයෙන් භාණ්ඩ මිලදී ගැනීමට යොදවන අයට සිර දඩුවම් පවා ලබා දීමට මෙම නීති මගින් යෝජනා වී තිබේ .

අග්‍රාමාත්‍ය Scott Morrison විසින් වසර 2018-2019 අය වැය තුලින් cash ලෙස ව්‍යාපාර වලට ගනු දෙනු කල හැකි අගය ඩොලර් 10000ක් බවට ප්‍රකාශ කලා. ඊට වඩා වැඩි මුදල් ගනුදෙනු ඉලෙක්ට්‍රොනිකව හා චෙක් වශයෙන් සිදු කල යුතුයි. 

මෙම නීති වසර 2020 ජනවාරි වන විට ක්‍රියාත්මක කිරීමට රජය අපේක්ෂා කරන අතර එමගින් බදු පහර හැරීම වැලක්වීමට බලාපොරොත්තු වේ. නමුත් මේ පිළිබද අදහස් දක්වන CPA Australia පවසන්නේ මෙසේ වංචා කිරීම් හසු කර ගැනීමට ගැනීමට හැකි වුවත්, සෑම මුදල් ගනුදෙනුවක්ම වංචාවක් ලෙස නොසැලකිය හැකි බවයි. 

මේ යෝජිත නීති අනුව කුමන හේතුවකට හෝ එසේ මුදල් හුවමාරු කර ගැනීම සිදු කල හොත් වසර 2ක් දක්වා සිර දඩුවම් හෝ, දඩ නියම විය හැකියි. CPA Australia මෙම පනත පිලිබදව පවසන්නේ මෙම නීතිය අපරාධ නීතිය යටතට ගැනීම , රජයට සාක්ෂි පිළිබද බලය හිමිවීම , හා ප්‍රමාණවත් නොවන නීතිමය පසුබිම අනුව මෙම නීතියට විරෝධතා එල්ල වන බවයි. එසේම One nation පක්ෂයේ සෙනට් සභික Malcolm Roberts  ද පවසා ඇත්තේ සිය පක්ෂය මීට විඔධය පාන බවයි 

මේ අතර සහකාර භාණ්ඩාගාරික Michael Sukkar  පවසා ඇත්තේ නීත්‍යානුකුල නොවන ලෙස ඉපයූ ආදායම් සහිත කණ්ඩායම් මිල අධික මිලදී ගැනීම් සදහා නෝට්ටු භාවිත කරන බවයි. ඔහු පවසන්නේ පුද්ගලිකව ඔබ කාරයක් තවත් පුද්ගලයෙකුට ඩොලර් 15000කට විකුණයි නම් එය cash මගින් කල හැකි බවයි. නමුත් ඔබ කාරයක් අලෙවි කරුවෙකුගෙන් (dealer ) මිලදී ගත හොත් එයට ඩොලර් 10000ට වැඩි මුදල් cash ලෙසින් ගෙවිය නොහැකි බවයි 

 කම්කරු පක්ෂයේ Stephen Jones මෙම නීති වෙත සහය පල කරන අතර ඔහුගේ අදහස සේවකයන්ට superannuation නොගෙවා විවිධ බදු වංචා සිදු කරන ව්යාපාරකරුවන් මෙසේ වංචා සිදු කරන බවයි . සාමාන්‍ය ජීවිතයේදී බොහෝ දෙනා දැන් බැංකු හරහා ත් eftpos හරහාත් ගනු දෙනු කරන නිසා මෙවන් විශාල මුදලක cash ලෙස භාවිත කිරීමට හේතුවක් නැති බවත් ඔහු පවසනවා. එසේම රජය cryptocurrencies පිළිබදවද නීති පැනවිය යුතු බවත් ඔහු පවසනවා

s
Source: SBS

2 min read

Published

Updated

By Charitha Adikari

Source: SBS News


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now