SKIP TO MAIN CONTENT

ජාත්‍යන්තර එක්දින සහ 20-20 තරගාවලි සඳහා ICC ය නව තරග නීතියක් හඳුන්වා දෙයි

ICC changes Super Over rules
Source: ICC

1 min read

Published

By Dinesha Dilrukshi Wijesuriya


Skip to article content

ICC ය විසින් සංවිධානය කරනු ලබන එක්දින සහ විස්සයි විස්ස තරගාවලි වලදී කණ්ඩායම් දෙකේ ලකුණු සම වූ පසු ජයග‍්‍රහණය තීරණය කිරීම සඳහා නව නීති හඳුන්වා දෙයි.

එහිදී ජයග්‍රහණය තීරණය කිරීම උදෙසා ලබාදෙන සුපිරි පන්දුවාරය එක් කණ්ඩායමක් වැඩිම ලකුණු ලබා ජයග්‍රහණය වාර්තා කරන තෙක් ක‍්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.

මෙවර ලෝක කුසලාන එක්දින තරගාවලියේදී එංගලන්තය සහ නවසීලන්තය අතර පැවති අවසන් තරඟයේදී දෙපිලේම ලකුණු සමවීමෙන් පසුව පැවැති සුපිරි පන්දුවාරයේදීද දෙපිලම නැවතත් සම ලකුණු ලැබුහ.

එහිදී මෙතෙක් පැවති නීතියට අනුව හතරේ පහර වැඩිපුර එල්ල කර ඇති කණ්ඩායමට ජයග්‍රහණය ලබාදීමට විනිසුරුවන් කටයුතු කලද එය පසුව දැඩිලෙස විවේචනයට බඳුන් විය.

කෙසේ වෙතත් මින් ඉදිරියට කණ්ඩායම දෙකක් සම ලකුණු ලබා ජයග්‍රහණය තීරණය කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක කරනු ලබන සුපිරි පන්දුවාරයේත් ලකුණු සම වුවහොත් එක් කණ්ඩායමක් වැඩිම ලකුණු ලබා ජය ගන්නා තුරු සුපිරි පන්දුවාර ක‍්‍රියාත්මක කිරීම නව නීතිය යටතේ සිදුවේ.

මෙම නව නීතිය අවසන් පූර්ව සහ අවසන් මහා තරගවලදී පමණක් ක‍්‍රියාත්මක වනු ඇත. එහෙත්, පළමු වටයේ තරගවලදී සුපිරි පන්දුවාරයේදී ලකුණු සම වුවහොත් එම තරග ජය පැරදුමෙන් තොරව අවසන් වූ තරග වශයෙන් සටහන් වනු ඇත.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now