SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියානු අගමැති Scott Morrison ගේ ජනතා මනාපය පහළ බසී.

Morrison’s approval rating dips into negatives
Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

ඔස්ට්‍රේලියානු දේශපාලනයට සම්බන්ධ ප්‍රධානතම සමීක්ෂණයක් වන Newspoll සමීක්ෂණයේ නවතම වාර්තා වලට අනුව වත්මන් ඔස්ට්‍රේලියානු අගමැති Scott Morrison, අග්‍රාමාත්‍යවරයා ලෙස අනුමත කිරීමේ ප්‍රතිශතය ප්‍රථම වරට පහළ ගොස් තිබේ.

The Australian පුවත්පත විසින් මෙහෙයවන මෙම Newspoll සමීක්ෂණයේ නවතම වාර්තා වලට අනුව Scott Morrison, අග්‍රාමාත්‍යවරයා ලෙස අනුමත කිරීමේ ප්‍රතිශතය 41% ක්ද ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රතිශතය 44% ක්ද වන බව වාර්තා වේ.

එමෙන්ම ලිබරල් පක්ෂය, කම්කරු පක්ෂයට වඩා මෙවර සමීක්ෂණයේදී පසුබැස ඇති බවද සඳහන්.

කම්කරු පක්ෂය සඳහා 54% ක මනාපයකුත් ලිබරල් පක්ෂය සඳහා 46% ක මනාපයකුත් මෙවර Newspoll සමීක්ෂණයේදී ලැබී තිබේ.

කෙසේවෙතත්, ඔස්ට්‍රේලියාවේ මහ මැතිවරණය ආසන්න වෙත්ම මේ තත්ත්වය වෙනස් වේවි යයි ලිබරල් පක්ෂ මන්ත්‍රී Craig Kelly, Sky පුවත් වෙත පැවසීය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now