ලිස්ටීරියා ආසාධිත Smoked සැමන් ආහාරයට ගැනීමෙන් නිව් සවුත් වේල්ස් හා වික්ටෝරියාවේ දෙදෙනෙකු මරුට (SBS සිංහල/ වාර්තා)

smoked

Source: public domain

ටස්මෙනියාවේ සිට සැපයු smoked සැමන් ආහාරයට ගැනීමෙන් නිව් සවුත් වේල්ස් හා වික්ටෝරියා හි වැඩිහිටියන් දෙදෙනෙකු මරණයට පත්ව ඇති බව වාර්තා වේ. මෙයට හේතුව ලෙස listeriosis නම් ආසාධනය නම් කොට තිබේ. මේ අතර ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ක්වීන්ස්ලන්ත්යේ මෙවන් ආසාධනයක් පිළිබදවද පරීක්ෂණ පවත්වා ගෙන යන බවට වාර්තා වේ. මෙම සිදුවීම් 3හිම රෝගීන් වයස අවුරුදු 70 ට වැඩි අය බවද සදහන්.

ටස්මෙනියාවේ ප්‍රධාන කර්මාන්ත අමාත්‍ය Guy Barnett ප්‍රකාශ කොට ඇත්තේ වාර්තා වන පරිදි මෙම සිදුවීම් 3ටම ටස්මෙනියාවේ මත්ස්‍ය නිෂ්පාදන හේතු වී ඇති බවයි. එසේම අමාත්‍යවරයා පවසා ඇත්තේ ටස්මෙනියාවේ මත්ස්‍ය නිෂ්පාදකයන් ආහාර සුරක්ෂිතතාව පිලිබදව එම නිෂ්පාදකයින් කිසදු නීතිමය පැහැර හැරීමක් සිදු නොකළ බවයි.

 

පසුගිය වසරේද listeria ආසාධිත Rockmelon ආහාරයට ගැනීම නිසා නිව් සවුත් වේල්ස් හා වික්ටෝරියා ප්‍රාන්ත වල දෙදෙනෙකු මිය ගියහ. මෙම Listeria බැක්ටීරියාව ශීතකරන වල අඩු උෂ්ණත්ව වලදී ක්‍රියා කරන අතර ආසාධිත පුද්ගලයන්ගේ ප්‍රතිශක්තීකරණ පද්ධතියට එයින් බලපෑමක් සිදු වේ

සෞඛ්‍ය අමාත්‍යන්ශය ජනතාවට මතක් කර දෙන්නේ ආහාර පිරිසිදුව සකසා ගැනීමටත් ගබඩා කිරීමත් වැදගත් බවයි . එසේම මෙම ආසාධනය පැතිරෙන කාල සීමාව තුල එම ආහාර වර්ග පරිභෝජනය නොකර සිටීමද වැදගත්

ශීත කල මත්ස්‍ය ආහාර , ශීත කල මස්, ශීත ලෙස පිළියෙළ කල කුකුල් මස් හා අසුරන ලද එළවලු මෙම රෝග කාරකයා ඇති අහාර ලෙස හැඳින්වේ. මෙම රෝගයට වැඩි පුර ගොදුරු වීමෙම් ප්‍රවනතාවක් ඇත්තේ ගැබිණි මව්වරු, අලුත උපන් බිලිදුන් හා වැඩිහිටියන්ය. මෙහි රෝග ලක්ෂණ වන්නේ උන, මාංශ පේශි වේදනාව , වමනය හා වෙවිලීමයි

sc
Source: SBS


2 min read

Published

By Charitha Adikari

Source: SBS News


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now