Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

අද - සිකුරාදා (නොවැ 04) දින SBS සිංහල වැඩසටහනේ සජීවී විකාශන කටයුතු අතරමඟ නතර කිරීමට සිදුවීම පිළිබඳව SBS සිංහල වැඩසටහන තම කණගාටුව ප්‍රකාශ කොට සිටි.

On Air sign glowing, reflecting light on a radio studio broadcast panel.
On Air sign glowing, reflecting light on a radio studio broadcast panel. Source: On Air sign glowing.jpg

අද - සිකුරාදා (නොවැ 04) දින SBS සිංහල වැඩසටහනේ සජීවී විකාශන කටයුතු අතරමඟ නතර කිරීමට සිදුවීම පිළිබඳව SBS සිංහල වැඩසටහන, සමස්ත ඔස්ට්‍රේලියානුවාසි ශ්‍රී ලාංකික ප්‍රජාවට සහ අන්තර්ජාලය හරහා අපගේ වැඩසටහනට සවන්දෙන සියළු ශ්‍රාවක පිරිසට සාතිශය කනගාටුව ප්‍රකාශ කර සිටීමට කැමැත්තෙමු.

SBS ආයතන පරිශ්‍රය තුල ඇතිවූ හදිසි ගිනි අවධානම් තත්ත්වක් හේතුවෙන් එලෙස සියලු සජීව ගුවන්විදුලි සහ රුපවාහිනී විකාශන කටයුතු අතරමඟ නතර කොට කාර්ය මණ්ඩලයට ගොඩනැගිලි පරිශ්‍රයෙන් ඉවත්වීමට සිදුවූ අතර ඒ හේතුවෙන් සියළු ගුවන් විදුලි සහ රුපවාහිනී වැඩසටහන් ස්වයංක්‍රිය විකාශන කාර්යාවලියකට යොමුකිරීමට කටයුතු කරන ලදී.

එම අවස්ථාවේදී SBS සිංහල වැඩසටහන, අභාවප්‍රාප්ත කලාකරු පණ්ඩිත් WD අමරදේවයන් වෙනුවෙන් විශේෂ සමරු වැඩසටහනක් විකාශය කරමින් පැවති අතර , ඇතිවූ හදිසි තත්වය හේතුවෙන් එය අතරමඟ නතර කිරීම‍ට සිදුවීම පිළිබඳව SBS සිංහල ගුවන් විදුලිය සියළු ශ්‍රාවක ප්‍රජාව වෙත තම සාතිශය කණගාටුව පළකර සිටින්නෙමු. එම වැඩසටහන නැවත ලබන සඳුදා (නොවැ 07) දින විකාශය කිරීමට කටයුතු සලසා ඇතිබව SBS සිංහල ගුවන් විදුලිය ඔබ සැමට දන්වා සිටී.

සජීවී වැඩසටහන අතරමඟ නතරවීමෙන් පසු SBS සිංහල වැඩසටහන වෙත දුරකථන ඇමතුම්, email සහ කෙටි පණිවිඩ මඟින් අපගේ කාර්යමණ්ඩලයේ සුවදුක් විමසීමට පියවර ගත් අපගේ ආදරණිය සියළු ශ්‍රාවකයින් වෙත SBS සිංහල ගුවන්විදුලිය හදපිරි ස්තූතිය පළකර සිටි.

ස්තූතියි !!

SBS සිංහල වැඩසටහන් අංශ ප්‍රධානී - දිනේෂා දිල්රුක්ෂි විජේසූරිය.

SBS Transmission failure: staff wass evacuated due to the fire threat
SBS Transmission failure: staff wass evacuated due to the fire threat Source: SBS
SBS Transmission failure: staff was evacuated due to the fire threat
SBS Transmission failure: staff was evacuated due to the fire threat Source: SBS
SBS Transmission failure: staff was evacuated due to the fire threat and waiting outside
SBS Transmission failure: staff was evacuated due to the fire threat and waiting outside Source: SBS
SBS Sinhalese Melbourne team
SBS Sinhalese Melbourne team Source: SBS

2 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now