සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර කොදෙව් දූපත් වල පැවැත්වෙන ටෙස්ට් තරග මාලාවේ තුන්වන හා අවසන් ටෙස්ට් තරගයේ තුන්වන දිනය (25/06) නිමා වන විට ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 5 කට ලකුණු 81 ක් ලබා සිටියි.
කාසියේ වාසිය දිනූ කොදෙව් කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඔවුන්ගේ ප්‍රථම ඉනිම ලකුණු 204 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් විය.
එහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ලහිරු කුමාර කඩුලු 4 ක්ද කසුන් රජිත කඩුලු 3 ක්ද බිඳ හෙළීය.
කොදෙව් පිළේ කඩුලු රකින ක්‍රීඩක Shane Omari Dowrich ලකුණු 71 ක්ද නායක Jason Omar Holder ලකුණු 74 ක්ද ලබා ගත්තේය.
පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන්ම දැවී ලකුණු 154 ක් ලබා ගත්තේය.
එහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු ප්‍රමාණය වන ලකුණු 42 නිරෝෂන් දික්වැල්ල විසින් ලබා ගන්නා ලදී.
දෙවැනි ඉනිම ඇරඹු කොදෙව් කණ්ඩායම ලකුණු 93 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් විය.
එහිදී සුරංග ලක්මාල් සහ කසුන් රාජිත කඩුලු 3 බැගින්ද ලහිරු කුමාර කඩුලු 2 ක්ද ලබා ගත්තේය.
ජයග්‍රාහී 143 ක ලකුණු ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා පිලේ මුල් කඩුලු 5 ම ලකුණු 81 කට බිඳ දමන්නට කොදෙව් කණ්ඩායම සමත් වූ අතර තරගය ජය ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු 5 ක් අතැතිව ලකුණු 63 ක් පිටුපසින් සිටියි.