SKIP TO MAIN CONTENT

ප්‍රබල බ්‍රසීලය සමග වසර 48 කට පසුව බෙල්ජියම අර්ධ අවසාන පූර්ව වටයට : 2018 FIFA World Cup 18 වන දිනය.

FIFA World cup 2018
Source: SBS

2 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

රුසියාවේ මේ දිනවල පැවැත්වෙන 2018 පා පන්දු ලෝක කුසලාන තරගාවලියේ මේ වන විට පිළිමලුන් පිටු දකින වටය ආරම්භ වී තිබේ.

ඒ අනුව පිළිමලුන් පිටු දකින වටය යටතේ ඊයේ (02/07) පැවති තරග දෙකින් බ්‍රසීලය හා බෙල්ජියම අර්ධ අවසාන පූර්ව වටයට සුදුසුකම් ලැබීය.

FIFA World cup 2018
Source: Reuters

බ්‍රසීලය - මෙක්සිකෝව

පිළිමලුන් පිටු දකින වටයේදී ඊයේ පැවැත්වුණු ප්‍රබල බ්‍රසීල කණ්ඩායම ගෝල 2-0 ක් ලෙස මෙක්සිකෝව පරදා අර්ධ අවසාන පූර්ව වටයට සුදුසුකම් ලැබීය.

එහිදී බ්‍රසීල කණ්ඩායමේ සුපිරි ක්‍රීඩක නේමාර්ගේ ගෝලය බ්‍රසීල කණ්ඩායමේ ධෛර්යය තවත් වැඩි කරන්නට සමත් විය.

පා පන්දු ලෝක කුසලානයකදී බ්‍රසීලය අවසන් 8 දෙනා නොහොත් අර්ධ අවසාන පූර්ව වටයට සුදුසුකම් ලැබූ 7 වන අවස්තාව ලෙසද මෙය හැඳින්වේ.

බෙල්ජියම - ජපානය

ඊයේ දිනයේ පිළිමලුන් පිටු දකින වටය යටතේ තවත් තරගයක් බෙල්ජියම සහ ජපානය අතර පැවැත්වුණු අතර එයින් ගෝල 3-2 ක් ලෙස ජයගන්නට බෙල්ජියම සමත් විය.

පා පන්දු ලෝක කුසලානයකදී බෙල්ජියම අර්ධ අවසාන පූර්ව වටයට මෙවර සුදුසුකම් ලැබුවේ වසර 48 කට පසුවීමද සුවිශේෂී සිදුවීමකි.

අර්ධ අවසාන පූර්ව වටය

2018 පා පන්දු ලෝක කුසලාන තරගාවලියේ අර්ධ අවසාන පූර්ව වටය ජූලි 06 වන දින ආරම්භ වන අතර මේ වන විට ප්‍රංශය, උරුගුවේ, රුසියාව සහ ක්‍රොයේෂියාව මෙන්ම බ්‍රසීලය හා බෙල්ජියමද මේ වන විට ඒ සඳහා සුදුසුකම් ලබා ඇත.

ඒ අනුව අර්ධ අවසාන පූර්ව වටය යටතේ උරුගුවේ සහ ප්‍රංශය මෙන්ම බ්‍රසීලය හා බෙල්ජියම ජූලි 06 වන දින තරග වැදීමට නියමිත අතර රුසියාව සහ ක්‍රොයේෂියාව ජූලි 07 වන දින තරග වැදීමට නියමිතය.

FIFA World cup 2018
Source: FIFA

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now