ඕස්ට්‍රේලියානු රජයේ Myhealth ඩිජිටල් දත්ත වාර්තාවෙන් මේ වන විට 20000ක් පමණ ඉවත් වෙයි..මෙමගින් ඔබේ පෞද්ගලික දත්ත වලට බලපෑමක් වේද?

doc

Source: AAP

Myhealth නම් ඕස්ට්‍රේලියානු පුද්ගල සෞඛ්‍ය දත්ත ඉලෙක්ට්‍රොනිකව ගබඩාවෙන් පසුගිය සඳුදා වන විට 20000ක් පමණ ඉවත් වී ඇති බවට වාර්තා වේ . ජුලි 16 වැනිදා සිට මාස 3ක් දක්වා ඔබටත් මෙම Myhealth වෙතින් ඉවත් වීමට අවස්ථාව තිබේ.

මෙම myhealth ඩිජීටල් වාර්තාව මීට වසර 6 කට පෙර ආරම්භ වූ අතර එහි මිලියන 6ක් පමණ දෙනා ගේ තොරතුරු අයත්

නමුත් දැන් මෙහි පෞද්ගලික දත්ත වල ආරක්ෂාව පිළිබද ගැටළු මතු වී තිබේ.

සඳුදා මෙයින් ඉවත් වීමට උත්සහ කල විට එම වෙබ් පිටුව විසින් තාක්ෂණික ගැටළු මතු කර ඇති බවද සදහන්.

මේ පිළිබද අදහස් දක්වන අග්‍රාමාත්‍ය Malcolm Turnbull පවසන්නේ එම තාක්ෂික ගැටලුව දැන් විසදා ඇති බවයි.

Myhealth වෙතින් ඉවත් වීමට ඔබට අවශ්‍ය නම් ඔක්තෝබර් මස 15 වැනිදා තෙක් ඔබට අවස්තාව තිබේ.

එම දිනයෙන් පසුව එම පද්ධතිය විසින් සියලු ඕස්ට්‍රේලියානුවන්ට myhealth වාර්තාවක් ගොඩ නගනු ඇති .

මෙම වාර්තාව සියලු වෙයිද්යවරුන්ට හා අනෙකුත් සෞඛ්‍ය නිලදාරීන්ට ලබා ගත හැකි ලෙස සකස් කොට ඇත . සෞඛ්‍ය අමාත්‍ය Greg Hunt පවසන්නේ පසුගිය වසර 6 තුල කිසිම දත්ත සොරා ගැනීමක් සිදුවී නැති බවයි

නමුත් Digital Rights Watch වැනි සංවිධාන දත්ත රැක ගැනීම සදහා මෙයින් ඉවත් වන ලෙස පවසයි. නමුත් Australian Digital Health Agency හි වෙඉද්‍ය Steve Hambleton පවසන්නේ එසේ බිය වීමට කාරණයක් මෙහි නොමැති බව.

 එසේම National Rural Health Alliance සන්විධානය පවසන්නේ විශේෂයෙන්ම ප්‍රාදේශීය පෙදෙස් වල වෙසෙන පුද්ගලයින් මෙම වාර්තාවෙන් වැඩි ප්‍රයෝජන ඇත වනු ඇති බවයි 


2 min read

Published

Updated

By Charitha Adikari



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now