අහෝසි කර දැමූ ඉරිදා penalty rates දීමනාව කම්කරු රජයක් යටතේ නැවත ලබාදෙන බවට විපක්ෂ නායකගෙන් පොරොන්දුවක්.

Labor leader has promised to restore Sunday penalty rates in his first 100 days of government if he wins this month's federal election.

Source: AAP

එළඹෙන ඔස්ට්‍රේලියානු මහ මැතිවරණය ජයගතහොත් ඔස්ට්‍රේලියාවේ විරැකියාව තුරන් කිරීමටත් අඩු ආදායම් ලාභීන්ට නියමිත වැටුප් ක්‍රමවේදයක් සකස් කරන බවටත් කම්කරු පක්ෂය තම මැතිවරණ පොරොන්දු ලෙස ඉදිරිපත් කරයි.

බ්‍රිස්බන් නුවරදී පැවති කම්කරු පක්ෂ මැතිවරණ ප්‍රවර්ධන ව්‍යාපාරයේදී කම්කරු පක්ෂ නායක Bill Shorten මේ බව ප්‍රකාශ කළේය.

කම්කරු රජයක් යටතේ පළමු දින 100 ඇතුළත ඇතැම් වෘත්තීය ක්ෂේත්‍ර සඳහා අහෝසි කර දැමූ ඉරිදා penalty rates දීමනාව නැවත ලබාදෙන බවද ඔහු එහිදී පොරොන්දු විය.

මේ අතර වයස අවුරදු 25 ට අඩු සහ වියපත් සේවකයින් හට වැටුප් ගෙවීමේදී සුළු පරිමාන ව්‍යාපාර වලට අමතර බදු සහනයක් ලබාදීමට ද කම්කරු පක්ෂය තම නව රජයක් යටතේ පොරොන්දු වී ඇත.

මේ අතර මෙවර ඔස්ට්‍රේලියානු මහ මැතිවරණය සඳහා early voting හෙවත් කලින් ඡන්දය භාවිත කිරීම සඳහා තමන් උපරිම සහයෝගය ලබා දෙන බව කම්කරු පක්ෂ නායක Bill Shorten පවසයි.

කලින් ඡන්දය භාවිත කිරීම හරහා බහුතරයක් ඔස්ට්‍රේලියානුවන්ට මෙවර මැතිවරණය සඳහා තම මතය ප්‍රකාශ කිරීමට හැකියාව ලැබෙන බව ඔහු පැහැදිලි කළේය.

මෙවර මහ මැතිවරණය සඳහා කලින් ඡන්දය ලබාදීමට මේ වන විට අවස්ථාව උදා කර දී ඇත.

නමුත් මහ මැතිවරණයට සතියකට පමණ පෙර මෙම early voting ක්‍රමය ක්‍රියාත්මක කිරීම යෝග්‍ය බවට ස්වාධීන මන්ත්‍රිනී Kerryn Phelps පවසා තිබුණි.

පසුගිය සතියේදී ආරම්භ වූ මෙවර early voting ක්‍රමය හරහා මේ වන විට ඡන්ද දායකයින් 660,000 ක් පමණ තම ඡන්දය භාවිත කර ඇති බව ඔස්ට්‍රේලියානු මැතිවරණ කොමිසම සඳහන් කරයි.

කාර්ය බහුල ජීවන රටාව තුළ early voting ක්‍රමය වඩා ප්‍රයෝගික විසඳුමක් බව ද කම්කරු පක්ෂ නායක Bill Shorten පැවසීය.


2 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now