SKIP TO MAIN CONTENT

ශ්‍රී ලංකා - ඉන්දියා T 20 තරඟාවලිය : පළමු 20යි 20 තරඟයෙනුත් ශ්‍රී ලංකාව ඉන්දියාවට පැරදෙයි

SL vs IND T20 1ST MATCH
Source: AFP

1 min read

Published

By Dinesha Dilrukshi Wijesuriya

Source: Sri Lanka Cricket


Skip to article content

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති පළමු 20 යි 20 තරගයෙන් ලකුණු 93 ක ජයක් ලබාගැනීමට ඉන්දියාව සමත්විය. පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 3 ක් දැවී ලකුණු 180 ක් රැස් කළේය. පන්දු යැවීමේදී නුවන් ප්‍රදීප් / ඇන්ජෙලෝ මැතිව්ස් සහ තිසර පෙරේරා එක් කඩුල්ල බැගින් දවා ගත්හ.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 16 ක් අවසානයේ සියලුදෙනා දැවී ලබාගැනීමට හැකිවුයේ ලකුණු 87 ක් පමණයි.

උපුල් තරංග ලකුණු 23 ක් / කුසල් ජනිත් පෙරේරා ලකුණු 19 ක් සහ නිරෝෂන් දික්වැල්ල ලකුණු 13 ක් ලබාගත්තේය.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දෙවන 20 යි 20 තරගය හෙට - සිකුරාදා (22) ඉන්දීය වේලාවෙන් රාත්‍රී 7 ට එනම් ඕස්ට්‍රේලියානු නැගෙනහිර සම්මත වේලාවෙන් 23 වන සෙනසුරාදා අළුයම 12.30 ට ආරම්භ වීමට නියමිතයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now