SKIP TO MAIN CONTENT

මිනිසුන්ටත් බෝවන Trypanasoma සුනඛ රෝගය පළමු වතාවට ලංකාවෙන් හමුවෙයි.

Trypanosoma
Source: SBS Sinhala

2 min read

Published

Updated

By Madhura Seneviratne

Presented by Nadeeka Daya Bandara - Sri Lanka

Source: SBS Sinhala program


Skip to article content

සුරතලයට ඇති කරන සුනඛයන් ආශ්‍රිතව පැතිර යන රෝගයක් ශ්‍රී ලංකාවේ පළමුවරට පේරාදෙණිය විශ්වවිද්‍යාලය මගින් සිදුකරන ලද පරීක්ෂණයකින් හඳුනාගෙන තිබේ.

අප්‍රිකානු රටවල සුනඛයන් අතර පවතින මෙම රෝගය මිනිසාට ද ආසාදනය වන නමුත් එය මිනිසාට දැඩි හානියක් නොකරන බවත් චර්ම රෝගී ලක්ෂණ ඉන් පෙන්නුම් කරන බවත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහාචාර්ය අශෝක දංගොල්ල මහතා ප්‍රකාශ කළේය.

අක්ෂි රෝග තත්ත්වයකින් පෙළෙන ගෘහාශ්‍රිත සුනඛයකු ප්‍රතිකාර සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු ශික්ෂණ රෝහලට බලංගොඩ ප්‍රදේශයේ සිට යොමු කිරීමෙන් පසු එම සුනඛයාගෙ රුධිර සාම්පල පරීක්ෂා කිරීමේදී එම සත්ත්වයා Trypanosoma නම් රෝගී තත්ත්වයෙන් පෙළෙන බව හඳුනාගෙන තිබේ.

එම රෝගී තත්ත්වය ශ්‍රී ලංකාවෙන් වාර්තා වන පළමු අවස්ථාව මෙය වන අතර රෝගී තත්වය වාර්තා වූ මුලතිව් සහ බලංගොඩ ප්‍රදේශවල සුනඛයන්ගේ රුධිර සාම්පල එකතු කොට පරීක්ෂාකිරීමද පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සම සෞඛ්‍ය පීඨය මගින් සිදුකරන බව මහාචාර්යවරයා සඳහන් කළේය.

නිවෙස් වල සුරතලයට ඇති කරන සුනඛයන්ට සාපේක්ෂව නිදැල්ලේ සැරිසරන සුනඛයන්ගේ ප්‍රතිශක්ති මට්ටම ඉහල  බැවින් ගෘහාශ්‍රිත සුරතල් සුනඛයන් පිළිබදව විමසිලිමත් විය යුතු යැයි කී මහාචාර්යවරයා මෙම රෝගය සුනඛයාගේ සිට රෝග වාහකයෙක් මගින් මිනිසුන්ට වැළඳීමේ හැකියාව ඇතැයි ද කීවේය.

ප්‍රතිකාර සඳහා පේරාදෙණිය පශු රෝහලට ඇතුළත් කළ සුනඛයා මරණයට පත්ව ඇති අතර කල්තියා හදුනා ගෙන ප්‍රතිකාර කිරීම මගින් මෙවැනි රෝගී සතුන් බේරා ගත හැකි යැයි ද මහාචාර්ය අශෝක දංගොල්ල මහතා පැවසීය.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ සත්ත්ව විද්‍යා අංශයේ මහාචාර්ය රූපිකා රාජකුරුණා, කීට විද්‍යඥ නිර්මාල් සුබසිංහ, විද්‍යා පීඨයේ සත්ත්ව විද්‍යා අංශයේ ආචාර්ය  ප්‍රියංකා දි සිල්වා,සම සෞඛ්‍ය විද්‍යා පීඨයේ ශිෂ්‍ය ලිලංක විජේසුන්දර,සම සෞඛ්‍ය විද්‍යා පීඨයේ ශිෂ්‍ය සජිනි ගුණවර්ධන,රජයේ වෛද්‍ය නිලධාරි පශු වෛද්‍ය නිසංසලා ,රජයේ වෛද්‍ය නිලධාරි පශු වෛද්‍ය ප්‍රියංකා යන මහත්ම මහත්මීන් ඇතුළු පර්යේෂණ මඩුල්ලකගේ  සහයෝගයෙන් ඉදිරි පරික්ෂණ කටයුතු කඩිනමින් සිදුකරන  බවද මහචාර්ය  අශෝක දංගොල්ල  මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

** වාර්තාව - SBS සිංහල වැඩසටහනේ පුවත් වාර්තාකරු නදීක දය බණ්ඩාර ශ්‍රී ලංකාවේ සිට  ...


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now