SKIP TO MAIN CONTENT

දකුණු අප්‍රිකාව 5-0 ක් ලෙස එක් දින තරගාවලියයෙන් ලංකාව හෝදයි.

Sri Lanka tour of South Africa
Source: Getty Images

2 min read

Published

By Madhura Seneviratne


Skip to article content

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව අතර තරග 5 කින් සමන්විත එක් දින තරගාවලියේ ඊයේ (16/03) පැවති පස්වන සහ අවසන් එක් දින තරගයෙන් ඩක්වත් ලුවිස් ක්‍රමයට අනුව ලකුණු 41 ක ජයක් අත් කරගැනීමට දකුණු අප්‍රිකාව සමත් විය.

ඒ අනුව එක් දින තරගාවලිය 5-0 ක් ලෙස ජයගැනීමට ඔවුන් සමත් විය.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය.

ශ්‍රී ලංකාව සියලු දෙනා දැවී ලකුණු 225 ක් රැස් කළ අතර ඊට කුසල් මෙන්ඩිස් ලකුණු 56 කින්ද ප්‍රියමාල් පෙරේරා ලකුණු 33 කින්ද ඉසුරු උදාන ලකුණු 32 කින්ද ඇන්ජලෝ පෙරේරා ලකුණු 31කින්ද දායක වූහ.

පිළිතුරු ඉනිම ඇරැඹු දකුණු අප්‍රිකාව ඉතා හොඳ ස්ථාවරයක සිට ලකුණු රැස් කරන්නට විය.

පන්දුවාර 28 ක් අවසානයේ කඩුලු 2 කට ලකුණු 135 ක් ලබා දකුණු අප්‍රිකානු කණ්ඩායම ප්‍රබල ස්ථාවරයක සිටින විට ක්‍රීඩා පිටියේ එක විදුලි කුළුණක් ක්‍රියාත්මක නොවීම හේතුවෙන් අඩු ආලෝක තත්ත්වයක තරගය පැවැත්වීමට නොහැකි විය.

එනිසාම දෙපිලේම ක්‍රීඩකයෝ ආපසු ක්‍රීඩාගාරයට ගියහ.

ක්‍රීඩාංගණ බලධාරීන්ගේ උත්සාහය වූයේ සියලුම විදුලි කුළුණු නිවාදමා සියල්ලම එකවර ක්‍රියාත්මක කිරීම වුවත් පැය භාගයක කාලයක් තුළදීත් එය ක්‍රියාත්මක කරගත නොහැකි විය.

මේ හේතුවෙන් තරගය අත් හැර දැමීමට තීරණය වුණු අතර ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව, දකුණු අප්‍රිකාවට ලකුණු 41 ක ජයක් අත් විය.

තරගයේ වීරයා සම්මානය දකුණු අප්‍රිකාවේ Aiden Markram හට හිමිවූ අතර තරගාවලියේ වීරයා සම්මානය Quinton de Kock හට හිමි විය.

දෙරට අතර පැවැත්වෙන ප්‍රථම 20-20 තරගය එළඹෙන මාර්තු 20 වන දින පැවැත්වීමට නියමිතය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now