SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ Centerlink එකේ දුරකථන විමසීම් සඳහා අලුතින් සේවකයින් 1000 ක්.

AUS Government hires 1000 call centre staff.
Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

ඔස්ට්‍රේලියාවේ සමාජ සුභ සාධන දීමනා සපයන Centerlink  ආයතනය  මගින් දුරකථන විමසීම් කිරීමේදී ඇතිව තිබෙන ප්‍රමාදය අවම කිරීම සඳහා අමතර සේවකයින් 1000 ක් බදවා ගැනීමට ඔස්ට්‍රේලියානු රජය තීරණය කර තිබේ.  

සමාජ සුභ සාධන දීමනා  ලබන අයගෙන් සතියකට දුරකථන විමසීම් මිලියනයකට අධික ප්‍රමාණයක් Centerlink  ආයතනය වෙත ලැබෙන බව වාර්තා වන අතර එම ඇමතුම් සඳහා ප්‍රමාණවත් තරමේ සේවක ප්‍රමාණයක් නොමැතිවීම හේතුවෙන් දැඩි ප්‍රමාදයක් ඇතිව තිබෙන බව වාර්තා වේ.

මෙසේ අලුතින් බදවා ගන්නා  සේවකයින් ඔස්ට්‍රේලියාව  තුල ස්ථාපිත දුරකථන සහාය  ලබාදීමේ මධ්‍යස්ථානයක සිට අදාල සේවාවන් සැපයීමට නියමිත අතර, මෙමගින් දැනට පවතින ප්‍රමාදය අවම වනු ඇති බව සමාජ සේවා අමාත්‍ය  Michael Keenan අපේක්ෂා කරයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now