SKIP TO MAIN CONTENT

මෙල්බර්න් නුවර Federation චතුරශ්‍රය, වික්ටෝරියා ප්‍රාන්තයේ සංස්කෘතික හා ඓතිහාසික උරුම ලැයිස්තුවට.

Heritage cloud over Vic Federation Square
Source: SBS

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

මෙල්බර්න් නුවර අතිශය ප්‍රසිද්ධ පොදු ස්ථානයක් ලෙස හැඳින්වෙන Federation චතුරශ්‍රය, වික්ටෝරියා ප්‍රාන්තයේ සංස්කෘතික හා ඓතිහාසික උරුම ලැයිස්තුවට එකතු කර තිබේ.

මෙල්බර්න් Federation චතුරශ්‍රය මීට වසර 17 කට පෙර විවෘත කෙරුණු අතර වික්ටෝරියානු ප්‍රාන්තයට ලබා දෙන සංස්කෘතික දායකත්වය හේතුවෙන් මෙලෙස එය වික්ටෝරියා ප්‍රාන්තයේ සංස්කෘතික හා ඓතිහාසික උරුම ලැයිස්තුවට එකතු කිරීමට තීරණය කෙරිණි.

වික්ටෝරියානු ප්‍රාන්තයේ එක්සත් භාවයට උත්කෘෂ්ට ස්මාරකයක් ලෙස මෙල්බර්න් Federation චතුරශ්‍රය හඳුනාගත හැකි බව වික්ටෝරියා ප්‍රාන්තයේ Heritage කවුන්සිලය සඳහන් කරයි.

ඒ අනුව මෙල්බර්න් Federation චතුරශ්‍රයේ සිදු කිරීමට අපේක්ෂිත යම් අනාගත වෙනස්කමක් වේ නම් ඒ සඳහා වික්ටෝරියා ප්‍රාන්තයේ Heritage කවුන්සිලයෙන් මෙතැන් පටන් අවසර ගත යුතුවේ.

නමුත් මේ වන විට ක්‍රියාත්මක කෙරෙමින් පවතින මෙල්බර්න් මෙට්‍රෝ දුම්රිය උමගේ Federation චතුරශ්‍රය ආශ්‍රිත ඉදිකිරීම් කටයුතු වැනි විශේෂ කටයුතු සඳහා අවසරය ලැබී ඇති බවද වාර්තා වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now