SKIP TO MAIN CONTENT

අද පැවැත්වෙන Melbourne Cup තුරඟ තරඟයේ ජයග්‍රහණයට වැඩියෙන්ම සමීප වූවන්.

Melbourne Cup
Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

ඔස්ට්‍රේලියාවේ සහ දකුණු අර්ධගෝලයේ ජනප්‍රියතම තුරඟ තරඟය වන Melbourne Cup ඔස්ට්‍රේලියානු දිවා සම්මත වේලාවෙන් අද පස්වරු 3 ට Flemington තුරඟ තරඟ පිටියේදී ආරම්භ වීමට නියමිතය.

අද තරගයේ most favourite හෙවත් ජයග්‍රහණය කරා යාමේ වැඩිම බලාපොරොත්තුවක් සහිත ජනප්‍රියතම අශ්වයා ලෙස අයර්ලන්ත සම්භවයක් සහිත Yucatan අශ්වයා හැඳින්වේ.

Yucatan ගේ පුහුණුකරුවා වන්නේ සුප්‍රසිද්ධ තුරඟුන් පුහුණුකරුවෙකු වන Aidan O'Brien ය.

ඊට අමතරව James Cummings විසින් පුහුණුකරන ලද ඩුබායි හි ෂේක් මොහොමඩ්ට අයත් Avilius අශ්වයාද මෙවර ජයග්‍රහණය කිරීමට ඉඩ ඇති බවට මත පළවේ.

James Cummings යනු ප්‍රවීණ Melbourne Cup පුහුණුකරුවෙකු වූ Bart Cummings ගේ මුණුපුරාය.

එමෙන්ම ඩුබායි හි ෂේක් Mohammed bin Rashid වසර 30 ක් පුරාවට Melbourne Cup තුරඟ තරඟය ජයගැනීමට උත්සාහ දැරීමද සුවිශේෂී කරුණකි.

මීට අමතරව Magic Circle නමැති අශ්වයාද ජයග්‍රහණය කරනු ඇති බවට මත පළ වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now