Qantas සමාගමේ ඉංජිනේරුවන් විසින් එම සමාගමේ Boeing 737 යානා 2කම ඉරිතැලීම් සොයා ගෙන ඇති බවට වාර්තා වේ. ඉංජිනේරුවරුන්ගේ සමිතිය විසින් ඉල්ලා ඇත්තේ මේ නිසා සමාගමේ Boeing 737 යානා සමුහයම භාවිතය නවත්වන ලෙසයි. නමුත් Qantas ආයතනය එය ප්‍රතික්ෂේප කර තිබේ.
ඇමෙරිකානු Federal Aviation Administration ආයතනය විසින් උපදෙස් දී ඇත්තේ Boeing 737 වර්ගයේ ගුවන් වාර 30,000 ට වැඩිය පියාසර කල යානා සියල්ල පරීක්ෂාවට ලක් කරන ලෙසයි. Qantas සමාගම ප්‍රකාශ කර ඇත්තේ වාර 27000ක් පියාසර කල යානයක ඉරිතැලීම් හමු වීම නිසා එය අලුත්වැඩියාවට යොදා ඇති බවයි.
නමුත් ඕස්ට්‍රේලියානු ගුවන් යානා ඉංජිනේරු සංවිධානය පවසන්නේ තවත් යානයක ,එසේ ඉරිතැලීම් හමු වූ බවයි. එම යානා ආරක්ෂාකාරී ලෙස මෙම තටු වල ඇති ඉරිතැලීම් පිරික්සාවට භුමියේ රඳවා තැබිය යුතුවේ. Boeing සමාගම මීට පෙර පැවසුවේ ගුවන් වාර 35000ට වැඩි යානා පරීක්ෂා කල යුතු ලෙස වුවත් මෙසේ ගුවන් වාර 27000ක් වූ යානා වලද එම පලුදු හමුව ඇති අතර සියලු Qantas යානා සියල්ල තවමත් පරීක්ෂා කරද නැත.
නමුත් Qantas හි ඉංජිනේරු ප්‍රධානී Chris Snook පවසන්නේ තම ගුවන් සමාගම අවධානමක් ඇතිව කිසිදු යානයක් ගුවන් ගත නොකරන බවයි. ඔහු පවසන්නේ සියලු ගුවන් යානා ඉවත් කිරීම අවශ්‍ය නැති බවත් පලුදු ඇති පමණින් එය අවධානම් තත්වයක් නොවන බවයි. සමාගම පවසන්නේ ඔවුන්ගේ එකදු යානයක් වත් ගුවන් වාර 30000 පසු නොකර ඇති බවත් මේ සිකුරාදා වන විට වාර 22600 ට වඩා වූ යානා 33ක් පරීක්ෂා කිරීම සිදු කරන බවයි.

Source: AAP
මේ වන විට Qantas සතුව Boeing 737 යානා 75 ක් ඇති අතර ඉරිතැලීම් ඇති යානා අලුත් වැඩියාවට යොමු කරන බව ඔවුන් පවසයි. The Civil Aviation Safety Authority සංවිධානය පවසන්නේ මෙම ඉරිතැලීම් ඉතා බැරෑරුම් ලෙස සැලකිය යුතු බවයි. නමුත් එපමණින් සියලු යානා ඉවත් කිරීමේ පදනමක්ද නැති බව ඔවුන් පවසයි. එම ආයතනයේ Peter Gibson මහතා පවසන්නේ මගීන් මේ සම්බන්ධයෙන් බිය විය යුතු නොවන බව.
ඕස්ට්‍රේලියානු ගුවන් යානා ඉංජිනේරු සංගමය පවසන්නේ Qantas ආයතනය යානා 75ම පරීක්ෂා කල යුතු බවයි. වVirgin සමාගමද ඔවුන් සතු 737 යානා 19 පරීක්ෂා කොට ඇති අතර එහිදී කිසිදු ඉරිතලීමක් හමු වී නැහැ
Swinburne විශ්ව විද්‍යාලයේ Stephen Fankhause පවසන්නේ 'pickle fork' යනුවෙන් හැදින්වෙන ප්‍රදේශයේ මෙම පලුදු වීම් හනුවී ඇති බවයි. මෙය පරීක්ෂාවට ගතවන්නේ පැයක පමණ කාලයක් බවද වාර්තා වේ. මෙම යානා වල සැකැස්ම අනුව යම් ඉරිතැලීම් දරා ගැනීමේ හැකියාවක් ඇති බවද ඔහු පවසයි.වත්මන් ගුවන් යානා සියල්ල පාහේ ඒ ආකාරයට පලුදු වීම් දරා ගත හැකි ලෙස නිර්මාණය වී ඇති බවත් වාර්තා වේ.
Source: SBS

Source: SBS