ඕස්ට්‍රේලියාවේ Woolworth සුපිරි වෙළද සල් සමාගම සේවකයන්ට ඩොලර් මිලියන 300ක වැටුප් අඩුවෙන් ගෙවා ඇති බව හෙළිවේ (SBS සිංහල / වාර්තා )

c

Source: Flickr

Woolworth සුපිරි වෙළද සල් සමාගම වසර 9ක් තිස්සේ සේවකයන් 5700කට පමණ ඩොලර් මිලියන 300ක වැටුප් අඩුවෙන් ගෙවා ඇති බව වාර්තා වේ.

Woolworth සමාගම මේ වසරේදී සිදු කල නව enterprise agreement සංශෝධනයකදී මෙසේ අඩුවෙන් වැටුප් ගෙවීම හෙළි වී තිබේ. එම සමාගම පවසන්නේ දැනට  අවුරුදු 2ක වාර්තා පමණක් ඔවුන් සතුව ඇතත් මෙය වසර 2010 තරම් ඈතට දිව යන බවයි.

එම සමාගම මේ හිඟ මුදල් , පොලියද සහිතව සේවකයන්ට ගෙවීමට කටයුතු කරන අතර එමගින් සමාගමේ ලාභය ඩොලර් මිලියන 200-300කින් පමණ අඩු වෙනු ඇති. මේ පිළිබද Big W හා Dan Murphy යන සමාගම් ද ඇතුළුව මහජනයාට විවෘත විමර්ශනයක් සිදු කරන බව එම සමාගම පවසා තිබේ.

Woolworth සමාගමේ සභාපති Brad Banducci පවසන්නේ සමාගම සැම විටම තම සේවක කණ්ඩායමට සැලකීම සිදු කලද මේ අවස්තාවේදී එය පැහැර හැර ඇති බවයි. ඒ සදහා ඔහු සමාව ඉල්ලා සිටී. නත්තලට පෙර මෙම දත්ත එළිදක්වන බවද වාර්තා වේ.

සමාගම පවසන්නේ මෙසේ අඩු වැටුප් ලබා ඇත්තේ වෙළද සල් වල කළමනාකරුවන් බවයි . enterprise agreement මගින් ආවරණය වූ 145000 සේවකයන් ට මෙය බලපා නැති බවත් වාර්තා වේ.

මේ මගින් Woolworth සමාගම පළමු කාර්තුවේදී Lion King Ooshies ලබා දීම නිසා ලබා ගත් ආදායමද මැකී යයි.  පසුගිය වසරේ මෙම කාලයේදීම Woolworth වෙළදාමට වඩා මෙය  6.6%කින් වැඩිව තිබු අතර එය Coles සමාගමට වඩා 0.1%ක වැඩි අගයකි. බදාදා වන විට Woolworth කොටස් මිල ඩොලර් 37.73ක් වූ අතර , එය පසුගිය වසරට වඩා 28.25%ක වැඩි වීමකි .

එම සමාගම පවසන්නේ මෙම සියලු වැටුප් දත්ත ලබා ගැනීමට සැප්තැම්බර් මස පමණ වනු ඇති බවයි. සැම වසරකම දත්ත ලැබුණු පසුව නැවත ගෙවීම් සිදු කරනු ඇති අතර ඔවුන් මෙය Fariwork ඕම්බුඩ්ස්මන්වරයාටද දන්වා තිබේ. 

Woolworth සමාගම පසුගිය වසරේද පිරිසිදු කිරීමේ සමාගම් එම සේවකයනට අඩු වැටුප් ගෙවීම සම්බන්ධ සිදුවීමකට Fairwork ආයතනය සමග එකගතාවයකටද එලබ තිබුණි.

Source:SBS

d
Source: SBS

2 min read

Published

Updated

By Charitha Adikari


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now