ලොව මහා සිනමා සම්මාන රාත්‍රිය වන ඇකඩමි හෙවත් ඔස්කාර් සම්මාන උළෙල ඇමෙරිකානු වේලාවෙන් ඊයේ (24/02) රාත්‍රියේ ලොස් ඇන්ජලීස් නුවර Dolby Theatre හිදී පැවැත්විණි.
91 වන වරට පැවති මෙම සම්මාන උළෙල ඔස්ට්‍රේලියානු සම්මත වේලාවෙන් අද (25/02) දහවල් පැවැත්විණි.
කලකට පසුව පුදුම සහගත සිදුවීම් රාශියක් සහ දැඩි තරගකාරී තත්ත්වයක් මෙවර ඔස්කාර් සම්මාන උළෙලේ දක්නට ලැබීම කැපී පෙනෙන සිදුවීමකි.

2019 ඔස්කාර් සම්මාන උළෙලේ සම්මාන ලාභීන්
- Best Picture: Green Book
- Best Director: Alfonso Cuaron,Roma
- Best Actress: Olivia Colman, The Favourite
- Best Actor: Rami Malek, Bohemian Rhapsody
- Best Supporting Actress: Regina King, If Beale Street Could Talk
- Best Supporting Actor: Mahershala Ali, Green Book
- Best Foreign Film: Roma (Mexico)
- Best Animated Feature Film: Spider-Man: Into The Spider-Verse
- Best Original Screenplay: Green Book
- Best Adapted Screenplay: BlacKkKlansman
- Best Original Score: Black Panther
- Best Original Song: Shallow from A Star Is Born
- Best Documentary Feature: Free Solo
- Best Documentary Short: Period. End Of Sentence
- Best Live Action Short: Skin
- Best Animated Short: Bao
- Best Cinematography: Alfonso Cuaron for Roma
- Best Production Design: Black Panther
- Best Costume Design: Black Panther
- Best Hair And Makeup: Vice
- Best Sound Editing: Bohemian Rhapsody
- Best Sound Mixing: Bohemian Rhapsody
- Best Visual Effects: First Man
- Best Editing: Bohemian Rhapsody

2019 ඔස්කාර් සම්මාන උළෙලේ විශේෂ සිදුවීම්
- මෙවර ඔස්කාර් සම්මාන උළෙලේ කාගේත් ජනප්‍රියත්වයට පත් චිත්‍රපටය වූ Roma චිත්‍රපටය අභිබවමින් Green Book, හොඳම චිත්‍රපටයට හිමි සම්මානය හිමිකරගැනීම.
- A Star Is Born චිත්‍රපටයේ "Shallow" හොඳම ගීතයට හිමි සම්මානය ලැබීමත් සමග වත්මන් පොප් රැජිණ ලෙස විරුදාවලිය ලත් Lady Gaga තම කළා දිවියේ ප්‍රථම ඔස්කාර් සම්මානය දිනාගැනීම.
- ඇය මිල අධික Tiffany දියමන්තිය සමග ඩොලර් මිලියන 40 ක කරමාලයක් මෙවර සම්මාන උළෙලට පැළඳගෙන ඒම කාගේත් අවධානයට පාත්‍ර විය.
- ලෝක ප්‍රකට ක්වීන් සංගීත කණ්ඩායම අළලා නිමවුණු Bohemian Rhapsody චිත්‍රපටයට මෙවර සම්මාන 4 ක් හිමිවිය.
- Bohemian Rhapsody ප්‍රධාන චරිතය නිරූපනය කළ Rami Malek හොඳම නළුවට හිමි සම්මානය ලබාගෙන වේදිකාවෙන් බසින විට ඔහු වැටුණු අතර පසුව ඔහුට හදිසි ප්‍රතිකාර අංශයෙන් ප්‍රතිකාර කෙරිණි.

- වසර 30 කට පසුව මෙවර ඔස්කාර් සම්මාන උළෙල කිසිදු නිවේදකයෙකු හෝ නිවේදිකාවක නොමැතිව සිදු කිරීම තවත් විශේෂත්වයකි.
Share

