SKIP TO MAIN CONTENT

අසාද් සාලි හා M.L.A.M හිස්බුල්ලා තනතුරු වලින් ඉල්ලා අස් වේ..

cap

1 min read

Published

Updated

By Charitha Adikari


Skip to article content

ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර M.L.A.M හිස්බුල්ලා හා බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි යන දෙදෙනා සිය ධුර වලින් මීට සුළු මොහොතකට පෙර ඉල්ලා අස් වී ඇති බවට වාර්තා වේ.

ඔවුන් සිය ඉල්ලා අස් වීමේ ලිපි ජනපතිවරයා වෙත ලබා දී ඇති බවට ජනාධිපති කාර්යාලය නිවේදනය කොට ඇත. එසේම මෙම පත්වීම් ලබා දුන් ජනපතිවරයා එම ඉල්ලා අස් වීම් භාර ගෙන ඇති බවට ද වාර්තා වේ.

අසාද් සාලි හා M.L.A.M හිස්බුල්ලා යන දෙපලට අන්තවාදී ක්‍රියා වලට සම්බන්ධ බවට එල්ල වී ඇති චෝදනා හමුවේ තනතුරු වලින් ඉල්ලා අස් වීමට දැඩි පීඩනයක් එල්ල වෙමින් පැවතිනි. නමුත් මේ දෙදෙනාම එම චෝදනා ප්‍රතික්ෂේප කොට තිබිණ.

sbs
Source: SBS

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now