SKIP TO MAIN CONTENT

සිඩ්නි නුවර Opal Tower ගොඩනැගිල්ලේ පදිංචිකරුවන් නැවත වරක් ඉවත් කරයි.

'Cracked' Opal Tower
Source: SBS

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

සිඩ්නි නුවර Opal Tower ගොඩනැගිල්ලේ පදිංචි පුද්ගලයින් දෙවැනි වරටත් ගොඩනැගිල්ලෙන් ඉවත් කිරීමට එහි පාලනාධිකාරිය  තිබේ.

සිඩ්නි නුවර Opal Tower ගොඩනැගිල්ලේ  පිපිරීමක් හේතුවෙන් එය කඩා වැටීමේ අවදානමක් ඇති බවට එහි මහල් නිවාස වල වෙසෙන නිවැසියන් කිහිප දෙනෙකු මීට දින හතරකට පමණ පෙර සිදු කළ පැමිණිල්ලකට අනුව ගොඩනැගිල්ලේ සිටි 3000 කට අධික පිරිසක් පළමු වරට ඉවත් කිරීමට කටයුතු යෙදිණි.

තට්ටු 36 කින් සමන්විත මෙම ගොඩනැගිල්ලේ මහල් නිවාස 150 කට අධික සංඛ්‍යාවක් පිහිටා ඇති අතර එය මේ වන විට මිලිමීටර් 1ත් 2ත් අතර ප්‍රමාණයකින් ඇලවී ඇති බවත් වාර්තා වේ.

කෙසේවෙතත්, දෙවැනි වරටත් ගොඩනැගිල්ලෙන් පිරිස් ඉවත් කිරීමට කටයුතු කරනු ලැබුවේ 10 වන තට්ටුවේ සිදුවී ඇති පිපිරීම් පිළිබඳ ඉතා සියුම්ව පරීක්ෂා කිරීමට පහසුකම් ලබා ගැනීමට බව Opal Tower ගොඩනැගිල්ලේ ඉදිකිරීම් සමගම වන Icon සමගම පවසයි.

නමුත් තමන්ට තවමත් සත්‍ය තොරතුරු පවසා නොමැති බවට එහි පදිංචිකරුවන් චෝදනා කරයි.

මෙම සිද්ධියෙන් පීඩාවට පත් නිවැසියන්ට අසල පිහිටි හෝටලයක නවාතැන් පහසුකම් සලසා ඇති බවත් ඔවුන් වෙත වන්දි ලබා දීමට සූදානම් බවත් Icon සමගම පවසයි.

මේ අතර තමන්ට ලබා දී ඇති හෝටල් නවාතැන් පහසුකම් පිළිබඳ සෑහීමකට පත් විය නොහැකි බව ඇතැම් පදිංචිකරුවන් චෝදනා කරයි.

 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now