SKIP TO MAIN CONTENT

අවසන් තරගය ලකුණු 122 කින් ජයගනිමින් ශ්‍රී ලංකාව, බංග්ලාදේශ එක් දින තරගාවලිය 3-0 ක් ලෙස ජයගනී.

Bangladesh tour of Sri Lanka
Source: Facebook

2 min read

Published

By Madhura Seneviratne


Skip to article content

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවති තුන්වන සහ අවසන් එක් දින තරගය ලකුණු 122 කින් ජයගැනීමට ශ්‍රී ලංකාව ඊයේ සමත් විය.

ඒ අනුව තරග තුනකින් සමන්විතවූ මෙම එක් දින තරගාවලිය 3-0 ක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකාවට හැකි විය.

ඊයේ පැවති තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර නියමිත පන්දුවාර 50 අවසානයේ ඔවුන් කඩුලු 8 කට ලකුණු 294 ක් ලබාගත්තේය.

එහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 87 ක්ද කුසල් මෙන්ඩිස් ලකුණු 54ක්ද ලබාගත් අතර නායක දිමුත් කරුණාරත්න ලකුණු 46 ක්ද කුසල් පෙරේරා ලකුණු 42ක්ද ලබාගත්තේය.

තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක පන්දු 14 කදී හයේ පහර 2ක් සහ හතරේ පහර 2ක් සමග ලබාගත් ලකුණු 30 ශ්‍රී ලංකාව ලකුණු 294 සීමාවට ගෙනයාමට ප්‍රබල පිටිවහලක් විය.

Bangladesh tour of Sri Lanka
Dasun Shanaka Source: Getty Images

ජයග්‍රාහී ලකුණු 295 ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි බංග්ලාදේශය පන්දු වාර 36 කදී ලකුණු 172කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් විය.

එහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් දසුන් ශානක ලකුණු 27 කට කඩුලු 3ක් බිඳ හෙලූ අතර කසුන් රාජිත සහ ලහිරු කුමාර කඩුළු 2 බැගින් බිඳ හෙළීය.

තරගයේ වීරයා මෙන්ම තරගාවලියේ වීරයා සම්මානය ද ඇන්ජලෝ මැතිව්ස් හට හිමි විය.

Nuwan Kulasekara
Nuwan Kulasekara Source: Facebook

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීම නිල වශයෙන් නිවේදනය කර සිටි ශ්‍රී ලංකා පිළේ සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක නුවන් කුලසේකර වෙනුවෙන් මෙම තරගය වෙන් කර තිබුණු අතර අවසානයේදී ඔහුගේ සමුගැනීම සම්බන්ධව ක්‍රිකට් ප්‍රේක්ෂකයින් හට කියා පෑමට ත්‍යාග ප්‍රදානෝත්සවයේදී කුලසේකරට අවස්ථාව හිමිවිය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now