පසුගිය වසර 5 තුල ඕස්ට්‍රේලියාවට සරණාගත භාවය ඉල්ලමින් 100,000ක් පමණ ගුවනින් ඇවිත් ...(SBS සිංහල / වාර්තා)

f

Source: AAP

ඔස්ට්‍රේලියාවට ගුවන් යානා මගින් පැමිණෙන සරණාගත සංඛ්‍යාව දිනෙන් දින වැඩි වීම නිසා එය දරා ගත නොහැකි තත්වයට පත්ව ඇති බව ට පවසන වාර්තා Morrison රජය විසින් ප්‍රතික්ෂේප කොට තිබේ. පසුගිය වසර 5 තුල ඔස්ට්‍රේලියාවට සරණාගත භාවය ඉල්ලමින් 95000 ක් පමණ පැමිණ ඇති බවට වාර්තා වේ.

මේ ජුලි මස සිට දිනකට 80 දෙනෙක් පමණ ඕස්ට්‍රේලියානු ගුවන් තොටුපොල වලින් සරණාගත භාවය පතා පැමිණෙන බවට වාර්තා වේ. නමුත් මධ්‍යම රජය පවසන්නේ පසුගිය වසර තුලදී එම අගය අඩුවී ඇති බවයි.

s
Source: AAP

පාර්ලිමේන්තුවේදී කම්කරු පක්ෂ ස්වදේශ කටයුතු හා සංක්‍රමණය පිළිබද චායා අමාත්‍ය Kristina Keneally මේ පිලිබද අදහස් දක්වමින් ප්‍රකාශ කලේ සරණාගත භාවය ඉල්ලීමේ කිසිදු වැරද්දක් නැති බවත්, එය අයිතියක් බවයි. නමුත් 90%ක් අවස්ථා වලදී එම පුද්ගලයන් සැබැ සරණාගතයින් නොවන බව ඇය පවසයි

කම්කරු පක්ෂය පවසන්නේ ඔස්ට්‍රේලියාව ගුවනින් පැමිණෙන සරන්ගාතයින් සදහා වාර්තාගත ගමනාන්තයක් වී ඇති බව. මේ වසරේ ජුලි 1 සිට අගෝස්තු 19 දක්වා එසේ ගුවනින් පැමිණෙන සරන්ගාතයින් 4037ක් සරණාගත භාවය ඉල්ලා තිබේ

නමුත් සංක්‍රමණ අමාත්‍ය David Coleman පවසන්නේ පසුගිය වසරේ එම කාලයේම අගයට වඩා මේ වසරේ සරණාගත පැමිණීම් අඩු බවයි. නමුත් ඉතා අසාර්ථක සරණාගත ප්‍රතිපත්තියක් තිබු කම්කරු පක්ෂයෙන් ඒ පිළිබද උපදෙස් නොගන්නා බවද ඔහු පවසනවා.

මෙසේ නීත්‍යානුකුලව ඔස්ට්‍රේලියාවට පැමිණෙන පිරිසෙන් සරණාගත භාවය ඉල්ලුම් කරන්නේ 0.25%ක් වන අතර එය සාර්ථක වන්නේ එයින්ද සුළු පිරිසකට පමණයි

මධ්‍යම රජය පවසන්නේ ඔස්ට්‍රේලියාව තුලත් පිටටත් මෙසේ සත්‍ය නොවන සරණාගතයින් පැමිණීම වැලකීමට බුද්ධි අන්ෂමය වර්ධනය හා තවත් නොයෙල් මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවයි

s
Source: AAP

වසර 2018-2019 කාලයේදී මෙසේ ගුවනින් පැමිණි සරණාගත සංඛ්‍යාව 24520ක් වූ අතර එය ඊට පෙර වසරට වඩා 27884කින් අඩු විය. නමුත් එම අගය වසර 2016-17 අගයට වඩා 18267කින් වැඩි වී තිබේ

සෙනට් සභික Keneally පවසන්නේ මෙම අගය ඉතාම වැඩි බවත් මේ පුද්ගලයින් රට තුල අපයෝජනයන්ට ලක් වන බවයි. මේ තත්වයට අමාත්‍ය Peter Dutton වග කිව යුතු බවද ඇය පවසනවා . ඇගේ අදහස මෙසේ අපයෝජනය හා වහල් භාවයට පත් වීම තුලින් කොතරම් පිරිසක් අනතුරු වලට ලක් වී හෝ මිය ගොස් ඇත්දැයි කිසිවෙකු නොදන්නා බවයි . පසුගිය පෙබරවාරි මස Joint Standing Committee on Migration කමිටුව මගින් වත්මන් ඕස්ට්‍රේලියානු සංක්‍රමණ ඒජන්ත රෙගුලාසි පිලිබදව වාර්තාවක් ඉදිදිර්පත් විය

එම කමිටුවේ ප්‍රධානි ලිබරල් පක්ෂ මන්ත්‍රී Jason Wood මේ පිලිබදව නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ විවිධ අපරාධ කල්ලි විසින් මෙසේ අසරණ ජනයා අපයෝජනයට ලක් කිරීමට මෙරටට ගෙන්වන බවයි . ඒ අනුව ඔවුන්ගේ නීත්‍යානුකුල සරණාගත භාවය ලැබෙන තුරු ඔවුන් මෙසේ අපයෝජනයට ලක් වන බවද පැවසේ


3 min read

Published

Updated

By Charitha Adikari

Source: SBS News


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now