SKIP TO MAIN CONTENT

දෝෂ සහිත Air bag මිලියන 2 ට ආසන්න සංඛ්‍යාවක් තවමත් ඕස්ට්‍රේලියානු වාහන වල

Deadly Takata 'alpha' airbags rupture in up to 50% of cases
Source: Choice

1 min read

Published

By Sanjaya Dissanayake

Source: SBS News


Skip to article content

මීට වසරකට පෙර ඕස්ට්‍රේලියානු තරගකාරී සහ පාරිභෝගික කොමිසම (ACCC) මගින් Takata දෝෂ සහිත airbag උපාංග පිළිබද අනතුරු ඇගවීමේ නිවේදන නිකුත් කලත් මිලියන 1.8ක්  තවමත් දෝෂ සහිත විය හැකි අදාල උපාංග වාහන වල සවිකර තිබිය හැකි  බවට එම ආයතනය නැවතත් අනතුරු අගවා තිබේ. වාහන 930,000ක දෝෂ සහිත Takata airbag නැවත සවිකිරීමට පසුගිය වකවානුව තුල කටයුතු කර තිබුනද තවත් මිලියන 1.8ක් අදාල උපාංග කිසිදු පියවරක් නොගෙන වාහන වල සවිකර තිබිය හැකි බවට ඕස්ට්‍රේලියානු තරගකාරී සහ පාරිභෝගික කොමිසම විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.  

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය තුල දෝෂ සහිත Takata airbag  ඇති වාහන  448,000 ක් පමණද  වික්ටෝරියානු ප්‍රාන්තය තුල වාහන 400,000 ක් පමණද තවමත් භාවිතයේ ඇති බවට දල වශයෙන් ගණන් බලා ඇති බව ඕස්ට්‍රේලියානු තරගකාරී සහ පාරිභෝගික කොමිසම වැඩි දුරටත් සදහන් කරයි.

Takata airbag දෝෂය පිළිබද වැඩි දුර තොරතුරු ඕස්ට්‍රේලියානු තරගකාරී සහ පාරිභෝගික කොමිසමේ වෙබ් අඩවිය සදහා වූ පහත Link එකෙන්.

 

https://www.productsafety.gov.au/recalls/compulsory-takata-airbag-recall/takata-recalls-progress-data


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now