SKIP TO MAIN CONTENT

නවසීලන්තය 1-0 ක් ලෙස තරගාවලියම ජයගනිද්දී මැතිව්ස්ට ඔස්ට්‍රේලියානු සංචාරය අහිමි වෙයි.

Injured Angelo Mathews almost certain to miss Australia tour
Source: Getty Images

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්තය අතර පැවැත්වුණු දෙවැනි ටෙස්ට් තරගයෙන් ලකුණු 423 ක ජයක් ලබා ගැනීමට නවසීලන්තය ඊයේ (30/12) සමත් විය.

තුන්වන දිනය නිමා වන විට කඩුලු 8 ක් අතැතිව ලකුණු 636 ක් පිටුපසින් සිටි ශ්‍රී ලංකාව ඊයේ සිව් වන දිනයේදී ලකුණු 236 කට සියල්ලන්ම දැවී ගියේය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු ප්‍රමාණයක් ලබා ගත්තේ දිනේෂ් චන්දිමාල් සහ කුසල් මෙන්ඩිස් වන අතර චන්දිමාල් ලකුණු 56 ක් සහ මෙන්ඩිස් ලකුණු 67 ක් ලබා ගත්තේය.

මේ අතර ඊයේ දිනයේ පන්දුවට පහර දෙමින් සිටියදී ඇන්ජලෝ මැතිව්ස් පාදයේ ආබාධයකට ලක්වීම හේතුවෙන් පිටියෙන් ඉවත් වීමට සිදුවූ අතර පසුව ඔහුව ස්කෑන් පරීක්ෂාවකට ලක් කෙරුණි.

එහිදී ඔහුට අවම වශයෙන් සති 4 ක පමණ කාලයක් විවේක ගන්නා ලෙස වෛද්‍යවරුන් දන්වා සිටි අතර ඒ හේතුවෙන් ඔහුට ජනවාරි මාසයේ පැවැත්වෙන ශ්‍රී ලංකා පිළේ ඔස්ට්‍රේලියානු සංචාරයද අහිමි වන බව වාර්තා වේ.

කෙසේවෙතත් ඊයේ ලැබූ ජයත් සමග ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ටෙස්ට් තරග 2 කින් සමන්විතවූ මෙම ටෙස්ට් තරගාවලියෙන් නවසීලන්තය 1-0 ක් ලෙස තරගාවලියම ජය ගත්තේය.

දෙරට අතර පැවැත්වෙන පළමු එක් දින තරගය එළඹෙන ජනවාරි 03 වන දින ඔස්ට්‍රේලියානු නැගෙනහිර සම්මත වේලාවෙන් දහවල් 12 ට ආරම්භ වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now