SKIP TO MAIN CONTENT

කණ්ඩායම් 10 ක්, තරග 48 ක් සහ එක් කුසලානයක් සමග ක්‍රිකට් ක්‍රීඩාවේ මහා මංගල්‍යය අදින් ඇරඹෙයි.

ICC Cricket world Cup 2019
ICC Cricket world Cup 2019 Source: Getty Images

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

2019 එක් දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය අදින් (30/05) ආරම්භවේ.

එංගලන්තය සහ වේල්සය මෙවර ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ සත්කාරකත්වය දරන අතර අද සිට ජූලි 14 දක්වා මෙම තරගාවලිය පැවැත්වේ.

කණ්ඩායම් 10 ක් තරග වදින මෙවර ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ තරග 45 ක් පැවැත්වෙන අතර අවසන් පූර්ව තරග දෙකක්ද පැවැත්වේ.

තරගාවලියේ අවසන් මහා තරගය ජූලි 14 වන දින එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩා පිටියේදී පැවැත්වෙනු ඇත.

2019 එක් දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය ආරම්භ කරමින් අද දිනයේ සත්කාරක එංගලන්තය දකුණු අප්‍රිකාව සමග තරග වදී.

එම තරගය ඔස්ට්‍රේලියානු නැගෙනහිර සම්මත වේලාවෙන් අද රාත්‍රී 7.30 ට ආරම්භ වේ.

ශ්‍රී ලංකාව මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මුහුණ දෙන පළමු නිල තරගය නවසීලන්තය සමග ජුනි 01 වන දින පැවැත්වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now