SKIP TO MAIN CONTENT

දෙවැනි 20-20 තරගයේ ජයත් ලබා නවසීලන්තය 2-0 ක් ලෙස තරගාවලිය කලින්ම ජයගනී.

New Zealand tour of Sri Lanka
Source: AP

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර ඊයේ (03/09) මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී පැවති දෙවැනි 20-20 තරගයෙන් කඩුලු 4 ක ජයක් අත්කරගැනීමට නවසීලන්තය සමත් විය.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9 කට ලකුණු 161 ක් ලබාගැනීමට ශ්‍රී ලංකාවට හැකිවිය.

එහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් නිරෝෂන් දික්වැල්ල ලකුණු 39 ක්ද අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 37 ක්ද ලබගත්තෝය.

ජයග්‍රාහී ලකුණු 162 ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි නවසීලන්තයේ පළමු කඩුලු 3 ලකුණු 38 ක් වන විට දවාගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ.

නමුත් සිව්වන කඩුල්ල සඳහා Colin de Grandhomme සහ Tom Bruce ලකණු 109 ක සම්බන්ධතාවක් පවත්වමින් නවසීලන්තය ජයග්‍රහණයේ මාවතට ගෙන ගියෝය.

එහිදී Colin de Grandhomme ලකුණු 59 ක්ද Tom Bruce ලකුණු 53 ක්ද ලබග්ත්තෝය.

නවසීලන්තය පන්දුවාර 19 යි පන්දු 4කදී ලකුණු 165 ක් ලබාගනිමින් තරගයේ ජය සටහන් කළේය.

මෙම ජයග්‍රහණයත් සමග තරග 3කින් සමන්විත මෙම 20-20 තරගාවලිය 2-0 ක් ජයගැනීමට නවසීලන්තය සමත්ව සිටී.

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන දෙවැනි 20-20 තරගය ඔස්ට්‍රේලියානු නැගෙනහිර සම්මත වේලාවෙන් එළඹෙන සැප්තැම්බර් 6 වන දින රාත්‍රී 11.30 ට මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී ආරම්භ වේ.

 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now