මෙල්බන් නගරය යටින් ඉදිකෙරෙන Metro උමං දුම්රිය මාර්ග පද්ධතියේ නව දුම්රිය ස්ථාන 5 නම් කිරීමට මහජනතාවට ද සහභාගී විය හැකි විවෘත තරගයක් වික්ටෝරියානු ප්‍රාන්ත රජය විසින් සංවිධානය කළ බව අපි SBS සිංහල පුවත් හරහා ඔබ වෙත මීට මාස කිහිපයකට පෙර ගෙන ආවෙමු.
එම තරගය අවසන් කරමින් Metro උමං දුම්රිය මාර්ග පද්ධතියේ නව දුම්රිය ස්ථාන 5 සඳහා තෝරාගත් නම් වික්ටෝරියානු ප්‍රාන්ත රජය විසින් ඊයේ (29/11) ප්‍රසිද්ධ කරනු ලැබීය.
මෙම දුම්රිය ස්ථාන 5 පූර්ව ව්‍යාපෘති සමයේ හැඳින්වුයේ Parkville, Arden, CBD South, CBD North සහ Domain යනුවෙනි.
නමුත් මහජන අදහස් වලින් පසුව ඒවා Parkville නාමය එලෙසම පවතින අතර CBD South නාමය Town Hall ලෙසද CBD North නාමය State Library ලෙසද Domain නාමය Anzac ලෙසද වෙනස් වී ඇත.
Arden දුම්රිය ස්ථානයේ නාමය North Melbourne ලෙස වෙනස් කෙරුණු අතර දැනට පවතින North Melbourne දුම්රිය ස්ථානයට වඩාත් හොඳ අර්ථ කතනයක් ලබා දීමට එය West Melbourne නමින් නම් කිරීමට කටයුතු කෙරිණි.
මෙම නාමයන් මෙල්බන් නුවර ඉතිහාසය සහ ස්ථාන නිරූපණය කරන බව වික්ටෝරියානු ප්‍රාන්තයේ මහජන ගමනා ගමන කටයුතු පිළිබඳ ඇමතිනී Jacinta Allan පැවසුවාය.
SBS සිංහල සේවය - සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
මෙලෙස නම් ලබා ගැනීමට පසුගිය අගෝස්තු මාසයේදී මහජනතාව සඳහා විවෘත වුණු මෙම තරගය හරහා 50,000 ක පමණ යෝජනා පැමිණ තිබෙන බව වාර්තාවේ.

යෝජිත කළ නමුත් ප්‍රතික්ෂේප වූ නාමයන්.
- Dustin Martin
- Joan Kirner (වික්ටෝරියා ප්‍රාන්තයේ පළමු ප්‍රාන්ත අගමැතිනී, 2015 වසරේදී ඇය ජීවිතක්ෂයට පත් විය)
- Julia Gillard (ඔස්ට්‍රේලියාවේ පළමු කාන්තා අගමැතිනිය)
- Vegemite
- Shane Warne
- Winterfell
- Stark and Tully
SBS සිංහල ගුවන් විදුලියට සවන්දෙන්න පුළුවන් සජීවීව සහ පසුව online අහන්නwww.sbs.com.au/sinhalese සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි ) සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
රටවල් 50 ක පමණ පුද්ගලයින් 200 කට අධික සංඛ්‍යාවක් මෙම තරගය සඳගා සහභාගී විය.
ඒ අනුව වික්ටෝරියානු ප්‍රාන්ත රජය මේ සඳහා විනිසුරු මඩුල්ලක් පත් කර ඇති බවත් Aboriginal Victoria හි නියෝජිතයෙක්, Public Transport Users Association, Museums Victoria සහ තරුණ කටයුතු පිලිබඳ කවුන්සිලය එම විනිසුරු මඩුල්ලට ඇතුළත් විය.
The Age ඇසුරෙනි.

