SKIP TO MAIN CONTENT

මෙල්බන් skyrail දුම්රිය ව්‍යාපෘතිය ජුනි මාසයේදී ජනතා අයිතියට.

Melbourne skyrail
Source: SBS

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

එළඹෙන ජුනි සහ අගෝස්තු මාස වල සිට මෙල්බන් නුවර අතිශය තබදය පවතින දුම්රිය මාර්ග වල තදබදය පවතින වේලාවන් හිදී සහ රාත්‍රී කාලයේදී වැඩි දුම්රිය ප්‍රමාණයක්  ධාවනය කිරීමට වික්ටෝරියානු ප්‍රාන්ත රජය සූදානම් වේ.

එළඹෙන නොවැම්බර් මාසයේ පැවැත්වෙන වික්ටෝරියානු ප්‍රාන්ත මැතිවරණයට පෙර වික්ටෝරියා ප්‍රාන්තයේ දැනට ක්‍රියාත්මක වන ප්‍රධාන දුම්රිය ව්‍යාපෘති ත්‍රිත්වය නිමා කිරීමේ දී දුම්රිය මගීන් හට සිදුවන අපහසුතා අවම කිරීමට ප්‍රාන්ත රජය  විසින් මෙම තීරණය ගත් බව සඳහන්.

ගිනිකොන දිග මෙල්බන් ප්‍රදේශය හරහා දිව යන skyrail ව්‍යාපෘතියේ වැඩ අවසන් නොවුණු කොටස එළඹෙන ජුනි මාසය වන විට අවසන් කර විවෘත කිරීමට සූදානම් බව The Age පුවත්පත වාර්තා කරයි.

ඩොලර් බිලියන 1.6 ක ප්‍රතිපාදන වලින් ඉදිකෙරෙන  skyrail දුම්රිය ක්‍රියාත්මක වීමෙන් අනතුරුව Dandenong සහ මෙල්බන් නගරය අතර සතියේ දිනවල පෙරවරු 7 සිට රාත්‍රී 10 තෙක් සෑම මිනිත්තු 10 කට වරක්ම දුම්රිය ගමන් ක්‍රියාත්මක වනු ඇත.

මේ  මගින් දහස් ගණනක දුම්රිය මගීන් හට තම ගමනාන්තය වෙත ඉතා ඉක්මණින් ලඟා වීමට අවස්ථාව සැලසෙන බව වික්ටෝරියානු ප්‍රාන්ත රජයේ ප්‍රවාහන ඇමතිනී Jacinta Allan, ABC පුවත් සේවයට පැවසුවාය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now