SKIP TO MAIN CONTENT

පැය 24 ක් තුළ ඇමෙරිකාවේ සිදුවූ වෙඩි තැබීම් දෙකකින් පුද්ගලයින් 29 දෙනෙකු ජීවිතක්ෂයට.

Two mass shootings that killed 29 people in Texas and Ohio reverberate across the US
Source: AAP

2 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

පසුගිය සති අන්තයේදී ඇමෙරිකාවේ ස්ථාන දෙකකදී දරුණු වෙඩි තැබීමේ සිද්ධි දෙකකින් පුද්ගලයින් 29 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බව වාර්තා වේ.

ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්ත දේශ සීමාව අසල පිහිටි  El Paso නැමති නගරයේ කාර්ය බහුල සාප්පු සංකීර්ණයකදී එක් වෙඩි තැබීමේ සිදුවීමක් වාර්තා වූ අතර ඉන් පුද්ගලයින් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තවත් පුද්ගලයින් 26 ක් තුවාල ලබා තිබේ.

වෙඩි තැබීම සිදුකළ 21 හැවිරිදි තරුණයා පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුව අධිකරණයට ඉදිරිපත් කිරීමට අපේක්ෂිත බවද වාර්තා වේ.

එම සිද්ධිය ත්‍රස්තවාදී සිදුවීමක් නොවන බව ද ටෙක්සාස් පොලීසිය පවසයි.

මේ අතර ඇමෙරිකාවේ Ohio ප්‍රාන්තයේ Dayton නගරයේදී තවත් වෙඩි තැබීමේ සිදුවීමක් වාර්තාවූ අතර එයින් පුද්ගලයින් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තවත් පුද්ගලයින් 27 ක් තුවාල ලබා තිබේ.

එම වෙඩි තැබීම සිදුකළ Connor Betts නැමති පුද්ගලයා පොලිස් වෙඩි පහරින් එම ස්ථානයේදීම මිය ගිය බව සඳහන් වන අතර වෙඩි තැබීමෙන් මිය ගිය පුද්ගලයින් 9 දෙනා අතර වෙඩි තැබීම සිදු කළ Connor Betts ගේ 22 හැවිරිදි සොයුරිය ද වන බව විදෙස් පුවත් අනාවරණය කරයි.

මෙම සිදුවීම් ද්විත්වයත් සමග ඇමෙරිකානු මධ්‍යම රජය ගිනි අවි සම්බන්ධ බලාත්මක කර ඇති නීති පිළිබඳ නැවතත් දැඩි විවේචන එල්ල වන්නට පටන් ගෙන තිබේ.

මෙම සිදුවීම් සම්බන්ධ නීතිමය පියවර හැකි ඉක්මණින් ගැනීමට අපේක්ෂා කරන අබව ඇමෙරිකානු නීතිපති John Bash පවසයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now