SKIP TO MAIN CONTENT

වසර 2030 වන විට ඔස්ට්‍රේලියාවේ භාවිත කරන මෝටර් රථ වලින් 50% ක් විදුලියෙන් ධාවනය කිරීමට යෝජනා.

Labor wants 50 per cent of new cars to be electric by 2030
Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

දේශගුණික විපර්යාස සඳහාවූ ඔස්ට්‍රේලියාවේ ප්‍රතිපත්ති පිළිබඳ කම්කරු පක්ෂයේ සැලැස්ම අද (01/04) ඉදිරිපත් කිරීමට නියමිතය.

ඒ අනුව වසර 2030 වන විට ඔස්ට්‍රේලියාවේ කාබන් විමෝචන ඉලක්කය 45% කින් කප්පාදු කිරීමට කම්කරු පක්ෂය අපේක්ෂා කරයි.

එම ඉලක්කය සපුරාගැනීමට වසර 2050 වන විට ඔස්ට්‍රේලියාවේ භාවිත කරන බලශක්තියෙන් 50% ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභව හරහා ලබාගැනීමට ඔවුන් සැලසුම් කර තිබේ.

එමෙන්ම ඔස්ට්‍රේලියානු මහ මැතිවරණය ජයග්‍රහණය කර තම පක්ෂය රජයක් පිහිටුවාගත් පසු කෘෂිකාර්මික ක්ෂේත්‍රය හැරුණුකොට බහුලව පරිසර දූෂණය  කරනු ලබන ඔස්ට්‍රේලියාවේ විශාලතම සමාගම් 250 ට තම කාබන් විමෝචනය පහත හෙළීමට විශේෂ දිරි දීමනා පිරිනැමීමට ද කම්කරු පක්ෂය බලාපොරොත්තු වෙයි.

එමෙන්ම වසර 2030 වන විට ඔස්ට්‍රේලියාවේ භාවිත කරනු ලබන මෝටර් රථ වලින් 50% ක් පමණ විදුලියෙන් ධාවනය වන මෝටර් රථ බවට පත් කිරීමටත් කම්කරු පක්ෂය සැලසුම් කරන බව බලශක්ති සහ දේශගුණික විපර්යාස පිළිබඳ කම්කරු පක්ෂයේ නියෝජිත Mark Butler, ABC පුවත් සේවයට පැවසීය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now