SKIP TO MAIN CONTENT

වසර 28 කට පසුව එංගලන්තය අවසන් පූර්ව වටයට: FIFA World Cup 2018.

FIFA world cup 2018
Source: SBS

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

රුසියාවේ මේ දිනවල පැවැත්වෙන 2018 පා පන්දු ලෝක කුසලාන තරගාවලියේ ඊයේ (07/07) අවසාන අර්ධ අවසන් පූර්ව තරග දෙක පැවැත්විණි.

ඒ අනුව රුසියාව සහ ක්‍රොයේෂියාව ද එංගලන්තය සහ ස්වීඩනයද ඊයේ අර්ධ අවසන් පූර්ව තරග සඳහා මුහුණ දුන්නේය.

එයින් එංගලන්තය සහ ක්‍රොයේෂියාව ජය ලබා අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබුවේය.

FIFA world cup 2018
Source: SBS

එංගලන්තය - ස්වීඩනය

එංගලන්තය සහ ස්වීඩනය අතර ඊයේ පැවැති අර්ධ අවසන් පූර්ව තරගයෙන් එංගලන්තය ගෝල 2-0 ක් ලෙස ස්වීඩනය පරාජයට පත් කරමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබුවේය.

එංගලන්තය මෙලෙස පා පන්දු ලෝක කුසලාන තරගාවලියක අවසන් පූර්ව වටයට අවසාන වරට සුදුසුකම් ලැබුවේ 1990 වසරේදීය.

ඒ අනුව එංගලන්තය අවසන් පූර්ව වටයේදී ක්‍රොයේෂියාව සමග ජූලි 11 වන දින තරග කරනු ඇත.

රුසියාව - ක්‍රොයේෂියාව

කොයි කවුරුත් බලා සිටි ප්‍රබල තරගයක් වූ රුසියාව සහ ක්‍රොයේෂියාව අතර ඊයේ පැවති අර්ධ අවසන් පූර්ව තරගයේදී සත්කාරක රුසියාවේ පා පන්දු ලෝක කුසලාන  සිහිනය බොඳ කිරීමට ක්‍රොයේෂියාව සමත් විය.

තරගයේ නියමිත කාලය අවසාන වන විට දෙපිළම ගෝල 2-2 ක් ලෙස සම තත්ත්වයේ පසු විය.

ඒ අනුව් දඬුවම් පහර මගින් තරගයේ ජය තීරණය කරන්නට විය.

ඒ අනුව 4-3 ක් ලෙස ක්‍රොයේෂියාව, රුසියාව පරාජය කරමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබුවේය.

FIFA world cup 2018
Source: SBS

අවසන් පූර්ව වටයේ තරග

FIFA world cup 2018
Source: FIFA

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now