SKIP TO MAIN CONTENT

වසර 80 කට පසුව ලෝක ශූර ජර්මනිය පා පන්දු ලෝක කුසලාන පළමු වටයෙන් ඉවතට : FIFA World Cup 2018 14 වන දිනය

FIFA World cup 2018
FIFA World cup 2018 Source: AAP

2 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

රුසියාවේ මේ දිනවල පැවැත්වෙන 2018 පා පන්දු ලෝක කුසලාන තරගාවලියේ 14 වන දිනය අවසාන වන විට A හා B, C හා D මෙන්ම E හා F ඛාණ්ඩ වලින් පිළිමලුන් පිටු දකින වටයට සුදුසුකම් ලැබූ කණ්ඩායම් 12 තීරණය වී ඇත.

ඒ අනුව ඊයේ (27/06) දිනය අවසාන වන විට  E  ඛාණ්ඩයෙන් බ්‍රසීලය ප්‍රසාද ලකුණු 7 ක්ද ස්විට්සර්ලන්තය ප්‍රසාද ලකුණු 5 ක්ද ලබා පිළිමලුන් පිටු දකින වටයට සුදුසුකම් ලැබුවේය.

එමෙන්ම ඊයේ දිනය අවසාන වන විට F  ඛාණ්ඩයෙන් ස්වීඩනය හා මෙක්සිකෝව ප්‍රසාද ලකුණු 6 බැගින් ලබා පිළිමලුන් පිටු දකින වටයට සුදුසුකම් ලැබුවේය.

මේ අතර ඊයේ පැවති පළමු වටයේ තරගයකදී පසුගිය වර පා පන්දු ලෝක කුසලාන ශූරයින් වන ජර්මනියට මෙවර පා පන්දු ලෝක කුසලානයෙන් ඉවත්වීමට සිදුවිය.

පා පන්දු ලොවේ ප්‍රබලම කණ්ඩායම් වලින් එකක් වන ජර්මනිය මෙලෙස පා පන්දු ලෝක කුසලානයකදී පළමු වටයෙන්ම ඉවත්වූ දෙවැනි අවස්තාව ලෙස මෙය වාර්තා වේ.

ජර්මානු පා පන්දු කණ්ඩායම මෙවැනි අත්දැකීමක් පළමු වරට ලැබුවේ මීට වසර 80 කට පෙර එනම් 1938 දීය.

පා පන්දු ලෝක කුසලානයේ 14 වන දිනයේ තරග සාරාංශය මෙසේය.

ජර්මනිය - දකුණු කොරියාව

F ඛාණ්ඩය යටතේ ජර්මනිය හා දකුණු කොරියාව අතර ඊයේ පැවති පළමු වටයේ තරගයේදී දකුණු කොරියාව හිටපු ශූරයින් වන ජර්මනිය 2-0 ක් ලෙස පරාජයට පත් කළේ සියල්ලන්ම මවිත කරමිනි.

ජර්මානු කණ්ඩායමේ දුර්වලත්වය මේ තත්ත්වයට හේතුවූ බව කණ්ඩායමේ පුහුණුකරු වෝකිම් ලර්ව් පැවසීය.

නමුත් F ඛණ්ඩයෙන් ස්වීඩනය සහ මෙක්සිකෝව ඉහළ ප්‍රසාද ලකුණු ලබාගෙන තිබීම නිසා දකුණු කොරියාවටද පළමු වටයෙන් මෙවර පා පන්දු ලෝක කුසලානයෙන් ඉවත්වනට සිදුවිය.

FIFA World cup 2018
Source: SBS

ස්වීඩනය - මෙක්සිකෝව

F ඛාණ්ඩය යටතේ ඊයේ ස්වීඩනය සහ මෙක්සිකෝව අතර පැවති තරගයෙන් 3-0 ක් ලෙස ස්වීඩනය ජයගත් නමුත් ප්‍රසාද ලකුණු සටහනේ ලකුණු වලට අනුව දෙපිළම පිළිමලුන් පිටු දකින වටයට සුදුසුකම් ලැබුවේය.

ඒ අනුව  පිළිමලුන් පිටු දකින වටයේදී ස්වීඩනය, ස්විට්සර්ලන්තය සමගද මෙක්සිකෝව, බ්‍රසීලය සමගද තරග වැදීමට නියමිතය.

FIFA World cup 2018
Source: SBS

ස්විට්සර්ලන්තය - කොස්ටාරිකාව

ස්විට්සර්ලන්තය හා කොස්ටාරිකාව අතර ඊයේ පැවති තරගය 2-2 ක් ලෙස සම තත්ත්වයෙන් නිමා විය.

නමුත් E  ඛාණ්ඩයෙන් ස්විට්සර්ලන්තය පිළිමලුන් පිටු දැකීමේ වටයට සුදුසුකම් ලබා ගත්තේය.

FIFA World cup 2018
Source: SBS

බ්‍රසීලය - සර්බියාව

මේ අතර බ්‍රසීලය හා සර්බියාව අතර ඊයේ පැවති තරගයෙන් 2-0 ක් ලෙස බ්‍රසීලය ජයගෙන E  ඛාණ්ඩයේ පෙරමුණ ගත්තේය.

ඒ අනුව බ්‍රසීලයද පිළිමලුන් පිටු දැකීමේ වටයට සුදුසුකම් ලැබුවේය.

FIFA World cup 2018
Source: SBS

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now