SKIP TO MAIN CONTENT

2016 ඕස්ට්‍රේලියානු අය වැය - සංක්‍රමණික ප්‍රජාවට වැදගත් වන තීරණ කීපයක් ..

budget
Source: AAP

2 min read

Published

Updated

By Charitha Adikari


Skip to article content

ජාත්‍යන්තර සිසුන්

රාජ්‍ය භාණ්ඩාගාරික පවසන්නේ රජය ඉදිරි වසර 4 ඇතුලත ජාත්‍යන්තර අද්‍යාපනය සඳහා ජාතික ප්‍රතිපත්තියක් උදෙසා ඩොලර් මිලියන 12 ක් යොදවන බවයි.

මෙමගින් ඕස්ට්‍රේලියානු අද්යාපන ආයතන ජාත්‍යන්තර සිසුන්ගේ අවධානය දිනා ගැනීමට රජය බලා පොරොත්තු වෙනවා

එසේම ඔස්ට්‍රේලියාව අන්තර්ජාතික වෙළඳ පොලේ නව පාටමාලා තුලින් ප්‍රචලිත කිරීමටද යෝජිතයි

ගමන් බල පත්‍ර ගාස්තු

එසේම ඔස්ට්‍රේලියානු ගමන් බල පත්‍ර ගාස්තු වසර 2017 ජනවාරි මස සිට ඉහල යාමට යෝජිතයි වැඩිහිටියන් සඳහා ඩොලර් 20ක් ද දරුවන් සඳහා ඩොලර් 10ක්ද බැගින් එම ගාස්තු ඉහල යනු ඇති

ඉක්මන් සේවා මගින් ගමන් බල පත්‍ර ලබා දීමේ ගාස්තු ඩොලර් 54කින් ඉහල යාමට නියමිතයි. මෙමගින් ඉදිරි වසර තුල රජයට ඩොලර් මිලියන 172.9 ක ආදායමක් ලබා ගත හැකියි

පෙර පාසල් අද්‍යාපනය

රජයේ Early Learning Languages Australia වැඩපිළිවෙල යටතේ වසර දෙකක් තුල පෙර පාසල් දරුවන්ට ඉංගීසි හැර වෙනත් භාෂාවක් ඉගෙනුම සඳහා ඩොලර් මිලියන 5.9ක් ලබා දීමට නියමිතයි

ලබන වසරේ සිට ඔස්ට්‍රේලියාව පුරා පෙර පාසල් දරුවන්ට ජංගම උපකරණ භාවිතයෙන් අද්‍යාපනය ලැබීමට මෙහිදී අවස්තාව හිමිවෙනවා. ඒ සඳහා ජංගම උපකරණ මිලදී ගැනීමට අඩු ආදායම් ලාභී පෙර පාසල් සේවා 100කට ඩොලර් 500 ක ආධාරද ලැබේවි

වැඩිහිටි ඉංග්‍රීසි අධ්‍යාපනය

එසේම වැඩිහිටි සංක්‍රමිකයන් වෙනුවෙන් Adult Migrant English Program වැඩසටහන ද වෙනසකට බඳුන් වෙනවා

මෙම වැඩ සටහන මගින් වැඩි පැය ගණනක් ඉංගීසි අද්‍යාපනය ලබා දීමත්, රැකියා ඉලක්ක කරගත් Social English and Pre Employment English නම් පුහුණුව ලබා දීමට යෝජිතයි

මේ සඳහා වියදම් අද්යාපන දෙපාර්තමේන්තුව තුලින්ම පියවා ගැනීමටයි රජය අදහස් කරන්නේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now