SKIP TO MAIN CONTENT

ශ්‍රී ලංකා - නවසීලන්ත පළමු ටෙස්ට් තරගය : පළමු දිනය නිමවන විට අකිල ගේ කඩුලු 5 ත් සමග නවසීලන්තය ලකුණු 203 යි.

ICC World Test Championship
Source: AFP

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර ඊයේ (14/08) ගාල්ල ජාත්‍යනතර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ඇරඹි පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය නිමාවන විට නවසීලන්තය කඩුලු 5 කට ලකුණු 203 ක් ලබා සිටියි.

කාසියේ වාසිය දිනූ නවසීලන්තය ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය.

නවසීලන්ත පිළේ මේ වන විට බිඳ වැටුණු කඩුලු පහම හිමිකර ගැනීමට ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජය සමත්වීම කැපී පෙනෙන සිදු වීමකි.

ඒ අනුව ඔහු ටෙස්ට් තරගයකදී කඩුලු 5 ක් හිමිකරගත් තුන්වන අවස්ථාව ලෙස මෙය සටහන් වේ.

මේ වන විට නවසීලන්තය වෙනුවෙන් Ross Taylor ලකුණු 86 ක්ද Mitchell Santner ලකුණු 8ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටිති.

අද (15/08) තරගයේ දෙවැනි දිනය වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now