සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර ඊයේ (14/08) ගාල්ල ජාත්‍යනතර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ඇරඹි පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය නිමාවන විට නවසීලන්තය කඩුලු 5 කට ලකුණු 203 ක් ලබා සිටියි.
කාසියේ වාසිය දිනූ නවසීලන්තය ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය.
නවසීලන්ත පිළේ මේ වන විට බිඳ වැටුණු කඩුලු පහම හිමිකර ගැනීමට ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජය සමත්වීම කැපී පෙනෙන සිදු වීමකි.
ඒ අනුව ඔහු ටෙස්ට් තරගයකදී කඩුලු 5 ක් හිමිකරගත් තුන්වන අවස්ථාව ලෙස මෙය සටහන් වේ.
මේ වන විට නවසීලන්තය වෙනුවෙන් Ross Taylor ලකුණු 86 ක්ද Mitchell Santner ලකුණු 8ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටිති.
අද (15/08) තරගයේ දෙවැනි දිනය වේ.