SKIP TO MAIN CONTENT

කෝලි, දෝනි ඇතුළු ඉන්දීය ප්‍රබලයින් 6 ක් නිදහස් කුසලානයෙන් හැලෙති.

No Kohli and Dhoni and another big 4 to Nidahas Trophy.
Source: AP

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

මාර්තු 06 වන දින සිට ශ්‍රී ලංකාවේ පැවැත්වෙන නිදහස් කුසලාන 20-20  තුන්කොන් ක්‍රිකට් තරගාවලියට නම් කළ ඉන්දීය පිලේ නායක විරාත් කෝලි ඇතුළු ක්‍රීඩකයන් 6 දෙනකුගේ නම් සඳහන් නොමැති බව වාර්තා වේ.

ඉන්දීය තේරීම් කමිටුව ඔවුන්ව විවේක ගැන්වීමට පියවර ගෙන තිබීම ඊට හේතුව බව සඳහන්.

ඒ අනුව නායක විරාත් කෝලි, මහේන්ද්‍ර සිං දෝනි, හර්දික් පාන්ඩ්‍යා, කුල්දීප් යාදෙව්, බුවනේෂ්වර් කුමාර් සහ ජස්ප්‍රිට් බුම්රා තරගාවලියට සහභාගි නොවෙති.

ඉන්දීය කණ්ඩායම දිගින් දිගටම ජාත්‍යන්තර තරගාවලි කිහිපයකටම ක්‍රීඩා කළ බැවින් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ට විවේකයක් අවශ්‍ය බව එරට ක්‍රිකට් පාලක මණ්ඩලය පවසයි.

නිදහස් කුසලාන තරගාවලියට සහභාගි වන ඉන්දීය පිලේ නායකයා ලෙස රෝහිත් ෂර්මා නම් කර ඇති අතර ශිකර් ධවාන් උපනායකත්වයට පත් කර තිබේ.

ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් වෙනුවට නවක ක්‍රීඩකයන් වන වොෂින්ටන් සුන්දර්, දීපාක් හූඩා, මොහොමඩ් සිරාජ්, විජේ ශන්කර් සහ රිෂාබ් පාන්ට් කණ්ඩායමට ඇතුළත්වී සිටිති.

නිදහස් කුසලාන 20-20 තුන්කොන් ක්‍රිකට් තරගාවලියට නම් කළ ඉන්දීය සංචිතය.

රෝහිත් ෂර්මා (නායක), ශිකර් ධවාන් (උපනායක), ලෝකේෂ් රාහුල්, සුරේෂ් රයිනා, මනිෂ් පාන්ඩේ, දිනේෂ් කාර්තික්, දීපාක් හූඩා, වොෂිංටන් සුන්දර්, යුස්වෙන්දර් චාහල්, අක්සාර් පටේල්, විජේ ශංකර්, ශර්දුල් ටාකුර්, ජේදේව් උනඩ්කර්, මොහොමඩ් සිරාජ්, රිෂාබ් පාන්ට්.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now