SKIP TO MAIN CONTENT

පාස්කු දින මඩකලපු ප්‍රහාරය වැළැක්වීමට උත්සහකර දිවි පිදූ රමේෂ් රාජූ

Ramesh Raju and family
Ramesh Raju and family Source: colombogazette

1 min read

Published

By Gamidu Agampodi


Skip to article content

දෙදරු පියෙක් වූ රමේෂ් රාජු ට තම ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදු වූයේ පාස්කු දින ඉරිදා දේව මෙහෙයට සහභාගී වීමට සිටියදී සැක කටයුතු පුද්ගලයෙකුට දේවස්ථානයට ඇතුළුවීම සඳහා ඉඩ නො දී විමසිලිමත් වූ නිසායි.

රමේෂ්ගේ උත්සාහය නිසා දේවස්ථානය ඇතුළට ගොස් බෝම්බය පුපුරවා ගැනීමට උත්සහ දැරූ මරාගෙන මැරෙන බෝම්බ කරුවාගේ ඉලක්කය අසාර්ථක වී තවත් ජීවිත සිය ගණනක් ආරක්ෂා විය.

Zion දේවස්ථානය පිටත දී විශාල කළු බෑගයක් සමග සැක කටයුතු ලෙස හැසිරෙන පුද්ගලයෙකු ඇස ගැටුනු රමේෂ් ඔහු පිළිබඳව විමසිලිමත් වී එම පුද්ගලයා දේවස්ථානයට ඇතුළුවීම වැළැක්විය. නමුදු කුරිරු ත්‍රස්තවාදියා සැණින් ක්‍රියාත්මක වී තම බෝම්බය පුපුරුවා ගන්නා ලදී.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now