SKIP TO MAIN CONTENT

ප්‍රබල ඉන්දීය පිතිකරුවන් ශ්‍රී ලංකාවට උන් හිටි තැන් අමතක කර දමමින් ඉන්දියාවට කඩුලු 7 ක ජයක් ගෙන දෙයි : 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය.

ICC Cricket World Cup 2019
Source: ICC/Facebook

3 min read

Published

By Madhura Seneviratne


Skip to article content

මෙවර ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ 44 වන තරගය ලෙස ඊයේ (06/07) Leeds හිදී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවති තරගයෙන් ඉන්දියාව කඩුලු 07 ක විශිෂ්ඨ ජයක් අත්කරගත්තේය.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර නියමිත පන්දුවාර 50 අවසානයේදී ඔවුන් කඩුලු 7 කට ලකුණු 264 ක් ලබාගත්තේය.

එහිදී ඇන්ජලෝ මැතිව්ස් අගනා ලකුණු 113 ක් ලබාගත් අතර ලහිරු තිරිමාන්න ලකුණු 53 ක් ලබාගත්තේය.

ICC Cricket World Cup 2019
Angelo Mathews made his 3rd ODI 100. Source: ICC

ජයග්‍රාහී ලකුණු 265 ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ඉන්දියාව පන්දු වාර 43 යි පන්දු 3 කදී කඩුලු 3 ක් පමණක් දැවී ලකුණු 265 ක් ලබා තරගයේ ජය සටහන් කළේය.

ඉන්දියාව වෙනුවෙන් KL Rahul අගනා ලකුණු 111 ක් ලබාගත් අතර Rohit Sharma මෙවර ලෝක කුසලාන තරගාවලියේ සිය 5 වන ශතකය වාර්තා කරමින් ලකුණු 103 ක් ලබාගත්තේය.

තරගයේ වීරයා සම්මානයද Rohit Sharma හට හිමිවිය.

මෙම තරගයේ කාසිය වාසිය ශ්‍රී ලංකාව ජයගෙන ප්‍රථමයෙන් පන්දුවට පහරදී ලකුණු 264 ක් වැනි තරගකාරී ලකුණු ප්‍රමානයක් ලබාගත් නමුත් ශ්‍රී ලංකාව තරගය පරාජයට පත්වීමට ප්‍රධානතම හේතුව පිළිබඳව ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙත පැවසුවේ මෙවැනි අදහසකි.

ICC Cricket World Cup 2019
Source: Facebook

ශ්‍රී ලංකා මුල් පෙළ පිතිකරුවන් අසාර්ථකයි

පසුගිය තරග වලදී ශ්‍රී ලංකාවේ මැද පෙළ පිතිකරුවන් අසාර්ථක වුවත් මෙම තරගයේදී ශ්‍රී ලංකාවේ මුල් පෙළ පිතිකරුවන් ඉක්මණින් දැවී යාම ශ්‍රී ලංකාවට ලකුණු 300 සීමාව ඉක්මවා යාමට නොහැකිවීමට ප්‍රධාන හේතුවක් විය.

ඇන්ජලෝ මැතිව්ස් සිය එක් දින දිවියේ 3 වන ශතකය මෙහිදී වාර්තා කල අතර ඒ හරහා ශ්‍රී ලංකා ඉනිම ස්ථාවර මට්ටමකට ගෙන ඒමට ඔහුට හැකිවිය.

ලහිරු තිරිමාන්න ද අංක 6 පිතිකරුවා ලෙස පැමිණ ලකුණු 53 ක් ලබා මැතිව්ස්ට අනගි සහයක් ලබා දුන්නේය.

සමස්තයක් ලෙස මෙම තරගයේ ශ්‍රී ලංකාවේ පිතිකරණය පිළිබඳ ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවයට පැවසුවේ මෙවැනි අදහසකි.

ICC Cricket World Cup 2019
Source: ICC

පන්දු යැවීම ඉතාමත් දුර්වලයි

මෙම තරගයේ ශ්‍රී ලංකා පන්දු යැවීම ඉතාමත් දුර්වල මට්ටමක පැවතිණි.

ලකුණු 264 ක් ශ්‍රී ලංකාව සතු වුවත් එය රැකගනිමින් සටනක් දියත් කිරීමට ශ්‍රී ලංකාවේ කිසිදු පන්දු යවන්නෙකු මෙහිදී සමත් වූයේ නොමැත.

ප්‍රබල ඉන්දීය ආරම්භක පිතිකරුවන් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට එලව එලවා පහර දුන්නේ 90 දශකයේ අග භාගයේදී ශ්‍රී ලංකාවේ ආරම්භක පිතිකරු යුගල ඉන්දියානු පන්දු යවන්නන්ට උන්හිටි තැන් අමතක කර දමමින් පහර දුන්නා සේය.

කෙසේවෙතත්, මෙවර ලෝක කුසලාන තරගාවලියේදී දක්ෂතා දැක්වූ එකම ශ්‍රී ලාංකේය පන්දු යවන්නා ලසිත් මාලිංග විය.

ඔහු මෙවර තරගාවලියේදී කඩුලු 13 ක් බිඳ දමා ලෝක කුසලාන තරගාවලි ඉතිහාසයේ කඩුලු 56 ක් බිඳ දමන්නට සමත් විය.

ඒ අනුව ලෝක කුසලාන තරගාවලි ඉතිහාසයේ ලසිත් මාලිංග තෙවනියට වැඩිම කඩුලු ලබාගත් පන්දු යවන්නා ලෙස වාර්තා වේ.

ICC Cricket World Cup 2019
World Cup cricket bids farewell to the king of the yorker Source: AFP

ප්‍රබල ඉන්දීය පිතිකරණය හමුවේ ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ දුර්වලතාව පිළිබඳ ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවයට අදහස් දැක්වුයේ මේ ආකාරයෙනි.

ප්‍රසාද ලකුණු සටහන

මෙම තරගය අවසන් වීමත් සමග ලෝක කුසලාන තරගාවලියේ සමස්ත ප්‍රසාද ලකුණු සටහන දැක්වෙන්නේ පහත අයුරිනි.

ICC Cricket World Cup 2019
Source: Facebook

ශ්‍රී ලංකා කණ්ඩායමේ මෙවර සමස්ත දක්ෂතාව

ශ්‍රී ලංකාව මෙවර ලෝක කුසලාන තරගාවලියේ දී තරග 9 කට මුහුණ දී තරග 3 ක් ජයගත් අතර තරග 4 ක් පරාජයට පත් විය.

පාකිස්තානය සහ බංග්ලාදේශය සමග පැවති තරග වර්ෂාව නිසා ශ්‍රී ලංකාවට අහිමිවී ගිය අතර ඒවායින් ප්‍රසාද ලකුණු 1 බැගින් හිමිවිය.

ඒ අනුව ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු 8 ක් ලබා මෙවර ලෝක කුසලාන තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ 6 වන ස්ථානය හිමිකර ගත්තේය.

සමස්තයක් ලෙස මෙවර ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා පිළේ ගමන පිළිබඳ ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවයට පැවසුවේ මෙවැනි අදහසකි.

ICC Cricket World Cup 2019
Source: SBS Sinhala

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now