SKIP TO MAIN CONTENT

අවිශ්ක ගේ වේගවත් ඉනිමත් සමග ශ්‍රී ලංකාව මාස 44 කට පසුව මව් බිමේදී එක් දින තරගාවලියක් ජයගනී.

Bangladesh tour of Sri Lanka 2019
Source: AP

2 min read

Published

By Madhura Seneviratne


Skip to article content

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර මේ දිනවල පැවැත්වෙන එක් දින තරගාවලිය 2-0 ක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකාව ඊයේ සමත් විය.

දෙරට අතර පැවති දෙවැනි එක් දින තරගය කඩුලු 7 කින් ජයගැනීමත් සමග තවත් තරගයක් ඉතිරිව තිබියදීම ශ්‍රී ලංකාව තරගාවලියේ ජය සටහන් කළේය.

මෙසේ ශ්‍රී ලංකාව තම මව් රටේදී එක් දින තරගාවලියක් ජයගනු ලැබුවේ මාස 44 කට පසුවීමද විශේෂත්වයකි.

කාසියේ වාසිය දිනූ බංග්ලාදේශය ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර නියමිත පන්දුවාර 50 අවසානයේ ඔවුන් කඩුලු 8 කට ලකුණු 238 ක් ලබාගත්තේය.

එහිදී බංග්ලාදේශය වෙනුවෙන් කඩුලු රකින ක්‍රීඩක මුෂ්ෆිකර් රහීම් ලකුණු 98 ක් ලබාගත්තේය.

Bangladesh tour of Sri Lanka 2019
Source: Facebook

ජයග්‍රාහී ලකුණු 239 ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකාව පන්දු වාර 44 යි පන්දු 4 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 242 ක් ලබා තරගයේ ජය සනිටුහන් කළේය.

ශ්‍රී ලංකා ඉනිමට ඉතා වේගවත් සහ ස්ථාවර ආරම්භයක් ලබා දුන් අවිශ්ක ප්‍රනාන්දු සහ නායක දිමුත් කරුණාරත්න එක්ව පළමු කඩුල්ල සඳහා ලකුණු 71 ක සම්බන්ධතාවක් පැවැත්වුහ.

ශ්‍රී ලංකාව වෙනුවෙන් අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 82ක් ද ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 52ක්ද කුසල් මෙන්ඩිස් ලකුණු 41 ක්ද ලබාගත්තේය.

තරගයේ වීරයා සම්මානය අවිශ්ක ප්‍රනාන්දු හට හිමි විය.

දෙරට අතර පැවැත්වෙන 3 වන හා අවසන් එක් දින තරගය එළඹෙන ජූලි 31 වන දින කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now