SKIP TO MAIN CONTENT

ඉලක්කය නොලැබුණත් අපේ ඡන්ද පදනම වැඩිවුණා : අනුර කුමාර.

We couldn’t achieve the target, but our votes increased: Anura Kumara.
Source: SBS Sinhala

2 min read

Published

By Nadeeka Daya Bandara - Sri Lanka


Skip to article content

ප්‍රතික්ෂේප කළ බලවේගයක් වෙත මහජනයා යළි නැඹුරුවූ බවක් මෙවර පළාත් පාලන මැතිවරණයේදී දැකිය හැකි වුණු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

ගොඩ නැගී තිබුණු ආණ්ඩු විරෝධයට මැතිවරණයෙන් දැක්වූ ප්‍රතිචාරය තුළින් ආණ්ඩුව කොතරම් දුරට ජනතාවට එපාවී ඇත් ද යන්න පැහැදිලිව දැකිය හැකි යැයි බව ඊයේ (11/02) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කීවේය.

මහජන දේපොල තමන්ට රිසි සේ පරිහරණය කළ, ප්‍රජාතන්ත්‍රවාදයට කිසිසේත්ම නොගැලපෙන, තම බලය වෙනුවෙන් පැකිලීමෙන් තොරව ඕනෑම දෙයක් සිදුකරන කණ්ඩායමක් වෙත යළි බලය ලැබෙන තත්ත්වයක් දැකිය හැකි බවත් එය එතරම් සුදුසු පෙරනිමිත්තක්  නොවන බවත් පැවසු අනුර කුමාර දිසානායක මහතා මෙසේ ද ප්‍රකාශ කළේය.

"ගොඩනැගෙමින් තිබුණු ආණ්ඩු විරෝධය රාජපක්ෂ කදවුර වටා ඒකරාශී වන තත්ත්වයක් මෙවර ප්‍රතිඵල තුළින් දැකිය හැකියි. මෙතැන් සිට දිග හැරෙන දේශපාලන ක්‍රියාදාමක් තිබෙනවා. ප්‍රාදේශීය සභාව ජනතාවට සමීප ආයතනයක් බවට පත් වන නිසා තමන් සතු ආයතනයක දේශපාලන සංස්කෘතිය පිළිබදව තීන්දු තීරණ ගැනීමේ වගකීමක් ජනතාව සතුයි. ඒ වගකීමෙන් ජනතාවට මිදිය නොහැකියි. ජනතා විමුක්ති පෙරමුණ මෙවර මැතිවරණයේදී අපේක්ෂා කළ ඉලක්කය කරා ළගාවී නොතිබුණු නමුත් අපගේ ඡන්ද පදනම මෙවර මැතිවරණය මගින් ශක්තිමත් වුණා. ඉකුත් 2011 පළාත් පාලන මැතිවරණයට සාපේක්ෂව මෙවර වැඩි ආසන සංඛ්‍යාවක් හිමිකර ගැනීමට ද අප පක්ෂය සමත්වුණා."

මැතිවරණයෙන් කවුරු ජයග්‍රහණය කළ ද ගොවි ජනතාව, තරුණයන් ආදී සියලු ප්‍රජා කොට්ඨාශ තමන්ට යම් ගැටලුවක් මතුවී විට සහය පතා පැමිණෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ වෙත යැයි එහි නායක අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now