SKIP TO MAIN CONTENT

ජනපති අනින් ලංකාවට හදිසි නීතිය පනවයි.

Maithree declares State of Emergency
Source: AP

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

ශ්‍රී ලංකාව තුළ හදිසි නීතිය දින 10කට පැනවීමට  ශ්‍රී ලංකා රජය තීරණය කළ බව රජයේ සම කැබිනට් ප්‍රකාශක ඇමැති දයාසිරි ජයසේකර මහතා පැවසීය.

රටේ දැනට ඇතිවී ඇති තත්ත්වය පිළිබඳ සළකා බලා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ අද (06/03) පෙරවරුවේ පැවති විශේෂ සාකච්ඡාවක දී මෙම තීරණය ගත් බව ඔහු සඳහන් කළේය.

ඒ අනුව මෙම තීරණයට අදාළ ගැසට් නිවේදනය අද (06/03) නිකුත් කෙරෙන බවද ජයසේකර මහතා පැවසීය.

මහනුවර තෙල්දෙනිය සහ අම්පාර සිද්ධි පදනම් කර  ගනිමින් ජාතිවාදී කලකෝලාහල තත්ත්වයක් උත්සන්න විය හැකි බැවින් මෙම තීරණය ගත් බව ඇමැති දයාසිරි ජයසේකර මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

ජාතිවාදයට සහය දක්වනා අයුරින් විවිධ වෙබ් අඩවි ඔස්සේ රැගෙන යන සාවද්‍ය  ප්‍රකාශයන් සම්බන්ධයෙන් ද පියවර  ගැනීම පිළිබඳව  කැබිනට් මණ්ඩලයේ දී සාකච්ඡා වු බව අමත්‍යවරයා පැවසුවේය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now