SKIP TO MAIN CONTENT

බෙල්ලන්විල නාහිමියෝ අපවත් වෙති.

Bellanwila Wimalarathana Thero passed away
Source: Daily News

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

බෙල්ලන්විල රජ මහා විහාරයේ නායක, ශ්‍යාමෝපාලි මහා නිකායේ කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නා හිමියෝ අද (03/02) අපවත් වූහ

බෙල්ලන්විල විහාරස්ථානයේ ‘මියන් කුමර්‘ ඇතාගේ පහරදීමෙන් බරපතළ තුවාල ලබා පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී උන්වහන්සේ මෙසේ අපවත් වී තිබේ.

උදෑසන ඇතාට ආහාර දීමට යාමේදී මෙම අනතුර සිදුවී තිබුණු අතර විමලරතන හිමිගේ ඉලඇටවලට හානි සිදු වී තිබූ බවට රෝහල් වෛද්‍යවරුන් ප්‍රකාශ කර ඇත.

බෙල්ලන්විල විමලරතන නා හිමියෝ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කුලපති ලෙස කටයතු කරමින් සිටියහ.

උන්වහන්සේගේ ආදාහන පූජෝත්සවය පිළිබඳ විස්තර පසුව දැනුම්දෙන බව වාර්තාවේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now