SKIP TO MAIN CONTENT

විදුලිය සමාගම් වෙත ඔස්ට්‍රේලියානු වාසීන්ගේ ඇති විශ්වාසය තවත් පහළට.

How Victorians can claim a $250 bill busting bonus from 01 July
How Victorians can claim a $250 bill busting bonus from 01 July Source: Getty Images

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

බැංකු වලට වඩා විදුලිය සමාගම් වෙත ඔස්ට්‍රේලියානු වාසීන් ගේ ඇති විශ්වාසය අඩු බව නවතම වාර්තාවක් පෙන්වා දෙයි.

ඔස්ට්‍රේලියාවේ විදුලිය සපයන සමාගම් පිළිබඳව ඔස්ට්‍රේලියානු බලශක්ති වෙළෙඳපොල කොමිසම විසින් සංවිධානය කළ නවතම විමර්ශනයකදී මේ බව හෙළිවී තිබේ.

ඒ අනුව ඔස්ට්‍රේලියාවේ විදුලිය ක්ෂේත්‍රය සම්බන්ධව ඔස්ට්‍රේලියානු වාසීන්ගේ විශ්වාසය 39% මට්ටමේ පවතින බව අනාවරණය වී ඇත.

එම ප්‍රතිශතය පසුගිය වසරේ 50% මට්ටමේ පැවතිණි.

සංකීර්ණ බලශක්ති දීමනා සහ ඉහළ මිල අයකිරීම් යන හේතු මෙසේ විදුලිය ක්ෂේත්‍රය සම්බන්ධව ඔස්ට්‍රේලියානු වාසීන්ගේ විශ්වාසය බිඳ වැටීමට මූලික සාධක බව පැවසේ.

ඒ අනුව විදුලිය මිල පිළිබඳ නියාමනයක් අවශ්‍ය බව එම වාර්තාව නිර්දේශ කරයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now