SKIP TO MAIN CONTENT

දිගු කලක් බලා සිටි ඔස්ට්‍රේලියා - ඉන්දුනීසියා නිදහස් වෙළෙඳ ගිවිසුමට අද අත්සන් තැබේ.

 Indonesia and Australia prepare to sign the long awaited free trade deal in Jakarta today...
Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

දිගු කලක් බලා සිටි ඔස්ට්‍රේලියා - ඉන්දුනීසියා නිදහස් වෙළෙඳ ගිවිසුම අද (04/03) ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදී අත්සන් කිරීමට නියමිතය.

ඉන්දුනීසියානු බලධාරීන් සමග මෙම ගිවිසුම සඳහා ඔස්ට්‍රේලියානු පාර්ශවයෙන් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ වෙළෙඳ අමාත්‍ය Simon Birmingham අත්සන් කිරීමට අපේක්ෂිතය.

මෙම නිදහස් වෙළෙඳ ගිවිසුමට අනුව දෙරට අතර නව කෘෂිකාර්මික සහ අධ්‍යාපන අවස්ථා හුවමාරුවක් සිදුවන බව සඳහන්.

මේ අතර දෙරට අතර මෙම ගිවිසුම පසුගිය අගෝස්තු මාසයේදී අත්සන් කිරීමට නියමිතව තිබූ නමුදු ඉන්දුනීසියානු රජය එය කල් දැමීමට තීරණය කළේය.

ඊශ්‍රායලයේ ටෙල් අවීව් නුවර පිහිටා තිබෙන ඔස්ට්‍රේලියානු තානාපති කාර්යාලය ජෙරුසෙලම වෙත ගෙන යාමට අදහස් කරන බවට ඔස්ට්‍රේලියානු අග්‍රාමත්‍ය Scott Morrison ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීම ඊට ප්‍රධාන හේතුව විය.

කෙසේවෙතත්, මෙම ගිවිසුම හරහා ඔස්ට්‍රේලියාවේ කෘෂිකර්මාන්තයට, සත්ත්ව පාලනයට සහ අධ්‍යාපන ක්ෂේත්‍රයට ප්‍රතිලාභ අත්වන බවත් ඉන්දුනීසියාවේ සංචාරක කර්මාන්තයට, සෞඛ්‍ය හා අධ්‍යාපන ක්ෂේත්‍ර වලට ද වාසි අත්වන බවත් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ වෙළෙඳ අමාත්‍ය Simon Birmingham පැවසීය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now