නවසීලන්තය සමග පැවැත්වෙන T20 තරගාවලියේ නායකත්වය මාලිංගට, තිසර එළියට.

Sri Lanka T20 squad for New Zealand Series.

Source: Daily Mirror

සංචාරක නවසීලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන 20-20 තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබේ.

15 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතයේ නායකත්වය ලසිත් මාලිංගට හිමිව ඇති අතර උප නායකත්වය නිරෝෂන් දික්වැල්ලට හිමිව ඇත.

ඇන්ජලෝ මැතිව්ස් සහ තිසර පෙරේරා මෙම 20-20 සංචිතයට ඇතුළත් නොවන බවද වාර්තා වේ.

අවිශ්ක ප්‍රනාන්දු, කුසල් ජනිත් පෙරේරා, ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, ශෙහාන් ජයසූරිය, දසුන් ශානක, වනිඳූ හසරංග, අකිල ධනංජය, ලක්ෂාන් සඳකැන්, ඉසුරු උදාන, කසුන් රාජිත, ලහිරු කුමාර සහ ලහිරු මධුෂංක ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් සෙසු ක්‍රීඩකයෝ වෙති.

නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර 20-20 තරග 3ක් පැවැත්වීමට නියමිත අතර එළඹෙන සැප්තැම්බර් මස 01 වන දින මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී දිවා රාත්‍රී තරගයක් ලෙස පළමු තරගය පැවැත්වීමට නියමිතය.


1 min read

Published

By Madhura Seneviratne



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now