එක් වරක් පමණක් භාවිතා කල හැකි ප්ලාස්ටික් බෑග් (ග්‍රොසරි බෑග්) ලබාදීම තහනම් කිරීමට ඕස්ට්‍රේලියාවේ Coles සුපිරි වෙළඳ සමාගම පසුගියදා තීරණය කලත් පසුව පාරිභෝගිකයින්ගෙන් ලැබුණු ප්‍රතිචාර සලකා බලා කීපවරක් භාවිතා කල හැකි ප්ලාස්ටික් ග්‍රොසරි බෑග් නොමිලේ ලබාදීමට තම ආයතනය තීරණය කරන බව Coles සුපරි වෙළද සැල ජාලය පසුගියදා නිවේදනය කළේය.
කෙසේ වෙතත් පරිසර හිතකාමී සංවිධාන වලින් එල්ල වූ පීඩනය හමුවේ එම තීරණය තීරණය නැවතත් අවලංගු කිරීමට එම ආයතනය තීරණය කර ඇති අතර, ඒ අනුව අගෝස්තු මස 29දායින් පසුව අදාල ප්ලාස්ටික් බෑග් සදහා ඩොලර් ශත 15ක් අයකරනු ඇති බව සදහන්.

